*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

දහම් එක්ක පාරට බැස්ස මෛත්‍රීට ගොවීන්ගෙන් කන පිරෙන්න පිළිතුරු (VIDEO)

වී සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලමින් පොලොන්නරුවේ ගොවීන් පිරිසක් සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (03) දිනයේදී විරෝධතාවක් පැවැත්වීය. එහිදී ඒ මහතා පදික වේදිකාවේ වාඩිවී ගොවීන් සමග උද්ඝෝෂණයෙහි නිරත වනු දක්නට ලැබිණි.

කෙසේවෙතත් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඊයේ (04) දිනයේදී පොලොන්නරුවේම ගොවීන්ගෙන් දැඩි විවේචන එල්ල විය. ඒ, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා ද මෙකී වී ප්‍රශ්නයට වගකිවයුතු මහා පරිමාණ මෝල් හිමියකු වීම නිසා ය.

අලුත්වැව ගොවි සංවිධානයේ සභාපති පී. ඩී. කේ විජේරත්න – “ගොවියො අරගෙන පාරට එන්න එපා. ඔබතුමාට අයිතියක් නෑ. මොකද ඔබතුමාගෙ මල්ලිගෙ මෝල් සමාගම ඇතුළු අය තමයි තුට්ටු දෙකට වී ටික ගන්නෙ. මේ බොරදියේ මාළු බාන්නේ”

පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරයේ ගොවීන් – “එයා කෑගහන්නෙ එයාගෙ මල්ලි වී ටික ගත්තාට පස්සෙ නෙ. එතකොට දැන් ගොවියා ගාව වී නැහැ නෙ දෙන්න. රටට පේන්න විහිළු කරන්නෙ එයා ..”

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය – “අපේ රටේ වී මිල තීන්දු කරන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ මල්ලිලාගෙ මෝල්වල. එයා දේශපාලනයට ගෙනාපු නිපුණ මහත්තයලා, මිත්‍රපාල මහත්තයලා තමයි මේ රටේ වී මිල තීන්දු කරන්නෙ. ඉතින් ඔය පේමන්ට් එකේ වාඩිවෙනවාට වඩා මේ ඩඩ්ලි, නිපුණ, මිත්‍රපාල තුන්දෙනාට කතාකරලා කිව්වා නම් සාධාරණය ඉෂ්ට කරන්න කියලා ප්‍රශ්නෙ ඉවරයි. එහෙම කරන්න පුළුවන්කම තියෙද්දී තමන්ගෙ පුතාට බලයට එන්න අනාගතය හදලා දෙන්න ගොවියා රවට්ටන්න පේමන්ට් එකට එනවා”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan