*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

නොරොච්චෝලේ පරිපාලනය නොකිරීම ජනතාවගේ වරදක්ද?

කොළඹ LNW:නොරොච්චෝලය බලාගාරය නිසිලෙස පරිපාලනය කරගැනීමට නොහැකි වීමේ වරද මහජනතාව ගෙවිය යුතු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අනුර විජයපාල මහතා අවධාරණය කරයි.

2011 වසරේ සිට මෙම බලාගාරය පද්ධතියද එකතු වූ පසු මේ දක්වා එය පවත්වාගෙන යාම චීන ඉංජිනේරුවන් විසින් සිදුකරන අතර මෙරට දීර්ඝ කාලීන පුහුණුවක් තිබෙන විදුලි ඉංජිනේරුවන්ට,තාක්ෂණ ශිල්පීන්ට එය භාර නොදෙන්න ඇයිද යන්න තමන් ප්‍රශ්න කරන බවයි විජයපාල මහතා පවසන්නේ.

පරිපාලනයේ නොහැකියාව මත විදුලි බිල වැඩිකිරීම සාධාරණ නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ තිබෙන ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක වන්නේ එරට ඉංජිනේරුවන් ඇතුළු තාක්ෂණික ශිල්පීන් වෙතින් වන අතර ශ්‍රී ලංකාවට එය සිදුකිරීමේ නොහැකියාවක් නොමැති බව හෙතෙම සඳහන් කරයි.

”මම ඉතාම පුදුම වෙනවා එක මාසෙක නිෂ්පාදනය අඩු වුණ ගමන්ම විදුලි බිල වැඩි කිරීමට ඒක හේතුවක් වුණේ කොහොමද කියන එක. අපි දන්නවා මේ රටේ සමහර මාස බලාපොරොත්තු වෙන විදිහට වහින්නෑ. ඊගාව මාසෙ වහිනවා. දැන් අපිට ඒක මේ මාසේ පේනවා. සැප්තැම්බර් මාසයේ ආදායම නොලැබීම තමයි ප්‍රධාන හේතුවක් විදියට එතුමන්ලා පෙන්නන්නේ. දෙවැනි කාරණය විදිහකට මේ වැඩි වීමට හේතුව වශයෙන් නොරොච්චෝලේ බලාගාරයෙන් බලාපොරොත්තු වෙච්ච දායකත්වය ලැබුන් නෑ කියලා කියනවා. ඒකට හේතුව එක යුනිට් එකක් කැඩුනා. අනිත් යුනිට් එක ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මේ සඳහා ගන්න. ඒ දෙකම කරන්න බැරි වුණා. ඒක නිසා දායකත්වය අඩු වුණා කියන එක. මේ නොරොච්චෝලේ බලාගාරය හරියට පරිපාලනය නොකිරීමේ වරද මේ මහජනතාව ගෙවන්න ඕනෙද? මම කැමතියි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරුන්ගෙන් විමසන්න. මේ බලාගාරය 2011 වර්ෂයේ අපේ පද්ධතියට එකතු වීමෙන් පස්සේ, අවුරුදු 12 ගිහිල්ලා තියෙනවා. මේ අවුරුදු 12න් එක අවුරුද්දක් හරි චීනයේ ඉංජිනේරුවෝ නැතුව මේක දිව්වද? ඒ චීන ඉංජිනේරුවන්ට යන වියදම් දරන්නේ කවුද? ඉන්දියාවේ තියෙන ගල් අඟුරු බලාගාර දුවන්නේ පිටරැටියන් ද? ඒ දුවන්නේ සම්පූර්ණ ඉන්දියන් තාක්ෂණ නිලධාරීන්, ඉංජිනේරුවන් නොවේද? එහෙනම් අපේ ලංකාවේ විතරක් මේ බලාගාරය දුවන්න චීන ඉංජිනේරුවරු මේ පහුගිය අවුරුදු දොළහේම විශාල මුදලක් ගෙවලා අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඒ සඳහා යන අධික බර මේ රටේ මහජනතාව වෙත පවරන්න වෙලා තියෙන්නේ මහජනතාවගේ වරදින්ද? මේවා අපි ප්‍රශ්න කරන්න ඕනේ කරුණු. ලාංකීය ඉංජිනේරුවන් රට හැර ගිහිල්ලා තියෙනවාය. ඒක නිසා චීන ඉංජිනේරුවෝ දැන් විශේෂයෙන් අවශ්‍ය වෙනවා විශාල කණ්ඩායමක්. මම විදුලිබල මණ්ඩලයේ අධිකාරියෙන් අහන්න කැමතියි චීන බලාගාරය සඳහා චීනයේ ගිහිල්ලා මාස හය, අවුරුද්ද ගත කරලා ඒ සඳහා නිසි පුහුණුවක් ලබපු නිලධාරීන් කොපමණ ප්‍රමාණයක් ඒ පුහුණුව ලැබීමෙන් පස්සේ තමන්ගේ පහසුව සඳහා වෙන ස්ථානවල විදුලිබල මණ්ඩලයේ සේවය කරනවද කියලා. ඉතින් ඒ අයව වහාම අරගෙන අපිට ඇයි දාන්න බැරි ආපහු බලාගාරයට. දැන් අලුත් සාමාන්‍යධිකාරීතුමෙක් පත්වෙලා ඉන්නවා. එතුමා ඉතාම දක්ෂ නිලධාරියෙක්. ලෙකෝ ආයතනය කලින් සේවය කරපු. එතුමා දැන් මාසයක් විතර එන්න ගිහිල්ලා. එතුමාට අපිට දොස් කියන්න බෑ මේවට. ඉතින් අපි එතුමාට යෝජනා කරනවා වහාම ඉල්ලන්න. නොරොච්චෝලේ බලාගාරය සඳහා දීර්ඝකාලීන පුහුණුව ලබපු විදුලි ඉංජිනේරුවන්. එතුමන්ලා වහාම ගෙනල්ලා ආපහු මේ බලාගාරයේ සේවයේ යොදවන්න. අපි ආසියාවේම ඉතාම ඉහළ විදුලි බිලක් ගෙවන රටක්. ඇයි එහෙම උනේ? එහෙම වුණේ, අඩු මිල, නිෂ්පාදන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරේ නෑ. උදාහරණයක් විදියට සාම්පූර් බලාගාරය වගේ ඒවා නැති කරගෙන, අපි අද 20% වැඩිය තෙල් භාවිතයෙන් නිෂ්පාදනය කරනවා. මේ සඳහා කවුද වග කියන්න ඕනේ? අපි දන්නවා දැන් මේ දවස් වල ස්වභාවික වායු. LNG කියන එකෙන් දුවන මෙගාවොට් 300 බලාගාරයක් මේ දවස් වල ඉදිකෙරෙමින් පවතිනවා. ස්වභාවික වායු වලින් දුවන්න පුළුවන් බලාගාර රාශියක් කොළඹ ප්‍රදේශයේ තියෙනවා. දැක්කද විදුලිබල මණ්ඩලය කොහෙවත් ඒවා ඉල්ලා සිටිනවා. එම නිසා වහාම අපිට LNG මිලදී ගැනීම සඳහාක්‍රමවේදයක් හදන්න. ඒක අපිට මේ අවුරුද්ද අන්තිමට මේ බලාගාරය නිම වෙනකොට අවශ්‍යයි. දීර්ඝ කාලීනව අපේ විදුලිය නිෂ්පාදනය කිරීමේ වියදම අඩු කරගන්න කටයුතු කරන්න කියලයි මම ඉල්ලා සිටින්නේ.” යනුවෙන් විජයපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan