*
Monday, May 20, 2024
spot_img

Latest Posts

රන් කරගන්න තිබුණ නදීශාගේ රිදී එල්ලය

නදීශා ගැන රට දැනගෙන ටික කාලයක් වුණාට ක්‍රීඩාවට සම්බන්ධව ඉන්න අය දැනගෙන ගොඩක් කල්.ඇය අරුණශාන්ත කියන ගුරුවරයා යටතේ පුහුණුව ලබා ජාතික මට්ටමේදී ඒ.ජේ රොද්‍රිගෝ යටතට ඒම එක්තරා හැරවුම් ලක්ෂයක් වෙනවා.නමුත් අපූරුම සුන්දර මනුස්සෙක් වන රොද්‍රිගෝ ජීවිතය අතහැර ගියහම නදීා දිල්හානි ලේකම්ගේ පුහුණුව සඳහා තෝරගන්නෙ මාධව සෙනරත් බණ්ඩාර,ඊට පසුව ඇය ප්‍රදීප් නිශාන්ත වෙත යනවා.

නදීශා ගැන රොද්‍රිගෝ නිතරම කියපු කතාවක් තියෙනවා.
“නිශ්ශබ්දයි,හොඳයි,වැඩේ හරියට කරනවා.”
හරියටම ඒජේ රොද්‍රිගෝ වගේමයි.ඒ වගෙම හිටපු කවපෙත්ත ජාතික වාර්තාලාභිණිය පද්මා නන්දනී විජේසුන්දරත් කියන්නෙ “හරි හොඳ ළමෙක්” කියන එක.අපි දැකපු අවුරුදු ගාණෙත් නදීශා කියන්නෙ ජයග්‍රාහී නිහඬ චරිතයක්.ඒ නිහඬ බව ගැඹුරුයි.සියල්ල දරා ගන්නවා.උත්තර දෙන්නෙ හෙල්ලෙන්.ඒ උත්තර හෙළී තුඩ වගෙම තියුණුයි.

කේෂ්ත්‍රය ඇතුළෙම ඇයව අධෛර්යයට පත් කරන කතා සිද්ධ වුණා.තව බොහෝ දේ නිසා ඇයට ක්‍රීඩාව හැර යනවානම් හැර යන්න තිබුණා.ඇයට ඇයටම ආවේණික පෞද්ගලික ජිවිතයක් තියෙනවා.ඒත් හරි පරිස්සම්.ක්‍රීඩා ජීවිතය ඊට වඩා දුරින් ගෞරව සම්ප්‍රයුක්ත තැනෙක තබාගෙන ඇය ඉදිරියට ගේනවා.

සමහරු දොරහිල්වලට ඇහැ තියාගෙන නදීහා දිහා බලන්න උත්සාහ කරද්දි නදීශා තමන්ගේ ක්‍රිඩා ජළුිතය පළල් තැනෙක තියාගෙන දොර සිදුරක් තරම් පොඩි ඉඩකින් තමන්ගේ පෞද්ගලික ජීවිතය දිහා බන කෙනෙක්.ඒ ඇය ක්‍රිඩාවට දුන්න විශාල ඉඩ තමයි ආසියානු රිදී පදක්කමක නවතින්නෙ.හැබැයි ලංකාවේ ක්‍රීඩාවෙ ඉහළ බලධාරීන් නදීහාව මේ විදිහට කියවා ගත්තද දන්නෙ නැහැ.ඇය වරප්‍රසාද සහිත පන්නයේ ක්‍රිඩිකාවක් නෙමෙයි.

ඇයව වැඩිය පදක්කම් ලැබෙන බලාපොරොත්තුවක් හැටියට ඉලක්ක කරලා ඉහළින් කතා වෙනවා ඇහිලා නැති තරම්.නමුත් ඇය හැම විටම වගේ තමන්ට ලැබෙන අවස්ථාව හමාර කළේ තමන් ඉන්න තැනින් ඉදිරියෙන් තබාගෙනයි.

නමුත් මේ කතාව නදීශාගේ හෙල්ලය ආසියානු ක්‍රීඩා උළෙලේ නැවතුනු දුරට එහා යන්න තිබුණ කතාවක්.සුගත් තිලකරත්න ලංකාවෙ මලල ක්‍රීඩා සංගමයෙ සභාපතිව ඉද්දි විශේෂ ව්‍යාපෘතියක් විදිහට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ශ්‍රි ලංකාවේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙ ප්‍රවර්ධනයට අවශ්‍යය පහසුකම් දෙන්න එකඟ වෙනවා.ඒ වැඩේ පිටුපස සුගත් එක්කම රැදිලා හිටිය අනිත් චරිතය තමයි වත්මන් මලල ක්‍රිඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන.

ඔහුගේ දත්ත ගබඩාව හරිම විශාලයි.සුගත්ට තියෙන ජයග්‍රහණ ප්‍රමාණය තරමටම,විශාල මතක ගබඩාවෙ දොර හැරියම කරන්න ඕනි දේවල් ඔස්සේ ඉදිරියට යන්න ඉව සපයන්න සමන්ට හොඳටම පුළුවන්.තවත් ආකාරයකට විශ්ව විද්‍යාල සේවය නිසා සැළසුම් සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔහුට තියෙන හුරුවත් අතිශයින් වැදගත්.නමුත් මේ ව්‍යාපෘතිය යටතේ ඉදිරියට යන්න ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ ඇහිරෙනවා.ඒ සුගත්ට සභාපතිකම අහිමි වෙන තැනදිම,ඒ වඩේ ඉදිරියට යන එකත් නවතිනවා.නමුත් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණානම් නදීශා විතරක් නෙමෙයි,මෙ මොහොතෙ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට සිය ක්‍රීඩිකාවන් මෙහෙයවපු ප්‍රදීප් නිශාන්තත් ලංකාවට ලබා දෙන ප්‍රතිපලය වෙනස් වෙන්න තිබුණා.

නදීශාට රන් පදක්කම මඟ හැරෙන සෙන්ටි මීටර් ගණන සමහර විට අර අත හැරුණු ව්‍යාපෘතියෙ තියෙන්න තිබුණා කියලා හිතෙන එක වරදක් නැහැ.ප්‍රදීප් සිය ගෝලයන්ට දෙන සාර්ථකත්වය තවත් ඉස්සරහින් රැඳෙන්න තිබුණා කියන කතාවත් වරදක් නෙමෙයි.ඒ නිසා මේ හොහොතෙ තේරුම් ගත යුත්තේ කාටවත් ලකුණු යයි කියලා බලය ලැබුණම යෝජනා වෙලා තියෙන හොඳ වැඩ නවත්තන එක නෙමෙයි.රටට හොඳ වැඩේ මොකා කරත් හොඳයි කියලා පිළිගන්න තර්කයක් සැළසුමක් සහිත ප්‍රතිපත්තියක ඉඳගෙන රටේ ක්‍රීඩාව ඉස්සරහට අරගෙන යන එකයි.

ඒ නිසා නදීශා දිනපු රිදී පදක්කමේ අත හැරුණු රත්තරන් ඉලක්කයක් තියෙනවා කියන එක අවංකව පිළි අරගෙන දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටි ඉසව්වක් වන හෙල්ල වීසි කිරීමේ ඉසව්ව සම්බන්ධයෙන් ලැබුණ ජාත්‍යන්තර ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න විදිහක් තියෙනවද කියලා බලන එක මලල ක්‍රිඩා බලධාරීන් කල්පනා කළ යුතුයි.වැඩේ සුගත්ගේ නෙමෙයි.එහෙම පටු නොවී වැඩේ රටේ හැටියට භාර ගත්තම ඒකෙන් ක්‍රීඩාවට සිද්ධ වෙන දේ රටටම සතුටු වෙන්න පුළුවන් දෙයක් වෙයි.

හෙල්ලය ආසියාව දිනන මට්ටමේ,ඔලිම්පික් නියෝජනය කරන මට්ටමේ තියෙන ඉසව්වක්.ඉතිං ඒක දියුණු කරන එක නවත්තන්න ඕනි එකක් නෙමෙයි,කවුරු වුණත් ක්‍රියාත්මක කරන්න ඕනි එකක්.අපිව පහු කරලා යන හුඟ දෙනෙක් අපිව පහු කරලා යන්නෙ එයාලගෙ වේගයට නෙමෙයි,අපි නවතින නිසා.නවතින්න හිතෙන ක්‍රීඩාවේ දේශපාලනය විසින් ඇති කරලා තියෙන පටු ආතමාර්ථකාමයම කොච්චර පවිටුද කියලා දැනෙන්න නදීශාගේ ජයග්‍රහණය ඊට වඩා පළල් එකක් කරගන්න තිබුණ අවස්ථාව අහිමි වීමට එවැනි ව්‍යාපෘතියක් නැවත්වීම ගැන හේතු වුණා කියන එක වගකිවයුත්තන්ට දැනෙන්න ඕනි.
ලැබෙන දේ ට සතුටු වෙන එකම නෙමෙයි අපේ ඉදිරි ගමනේ සාර්ථකත්වය,වැරදුණ දේ තේරුම් ගැනීමයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan