*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මුදල් රාජ්‍ය ඇමතිගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක?!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතියේ සිදුකරනු ලබන ඉදිකිරීම සමාගම විසින් එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා වාහන මෙරටට ආනයනය කර ඇති අතර, ඒ ආශ්‍රිතව යකඩ ජාවාරමක් සිදුවෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අනාවරණය කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතාගේ ලේකම්වරයෙකු ලෙස හඳුන්වන අයකු හා තවත් පිරිසක් විසින් අදාළ ව්‍යාපෘතියේ දේපල මේ අන්දමින් බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකාව රටක් ලෙස බංකොලොත් වීම පිළිබඳව අමත්‍යවරුන් විසින් කරුණු සොයමින් සිටින වකවානුවක රාජ්‍ය අමාත්‍යවරයකුගේ හිතවතුන් විසින් රාජ්‍ය දේපල මහ දවල් මංකොල්ල කෑම හාස්‍යයට කරුණක් බවත්, ඒ පිළිබඳව වගකිවයුතු අංශ නිහඩව සිටීම කණගාටුවට කරුණක් බව ඒ මහතා අවධාරණය කරයි.

රට බංකොලොත්වීම පිළිබඳව අමාත්‍යවරුන් හරහා පරීක්ෂණ පැවැත්වීම පවා හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්ම වන බව මෙම සිදුවීමෙන් මනාව තහවුරු වන බවත්, රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු විසින් මෙලෙස රාජ්‍ය දේපල විකුණාගෙන කෑම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන තමා අයෝජන මණ්ඩලයෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ නිවේදනය පහතින්:

නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර හා වාහන මෙරටට ආනයනය කර ඇත. අදාල යන්ත්‍රසූත්‍ර හා වාහන ආනයනය කිරීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇති  බැවින් එම දේපල සදහා බදුගෙවීමකින් තොරව කිසිම හේතුවක් මත ව්‍යාපෘතියෙන් බැහැර කල නොහැක.

එහෙත් 2023/09/20  දිනයේ එම ස්ථානයට පැමිණි රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඔලාපිටියගේ ලේකම්වරයෙක් ලෙස හදුන්වන අයෙක් හා තවත් පිරිසක් විසින් අදාල ව්‍යාපෘතියේ දේපල බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව අප සංවිධානයට වාර්තා විය. අප විසින් එම අවස්ථාවේම මේ සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය (MOIB/335/58). මේවන විට එම පුද්ගලයින් විසින් අදාල ව්‍යාපෘතියට අයත් දේපල කිසිදු බාධාවකින් තොරන ඉවත් කරමින් සිටී. රංජිත් සියඔලාපිටිය අමාත්‍යවරයාගේ මෙම ලේකම්වරයා මීට පෙරද රැකියා ලබාදෙන පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන වංචාකර ඇති පුද්ගලයෙකු බව අප සංවිධානයට වාර්තා විය.

අප රට බංකොලොත් වීම පිළිබදව අමත්‍යවරුන් විසින් කරුණු සොයමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ හිතවතුන් විසින් රාජ්‍ය දේපල මහ දවල් මංකොල්ල කෑම හාස්‍යයට කරුණක් වන අතර ඒ පිළිබදව වගකිවයුතු අංශ නිහඩව සිටීමද කණගාටුවට කරුණක් බවත් රට බංකොලොත්වීම පිළිබදව අමාත්‍යවරුන් හරහා පරීක්ෂණ පැවැත්වීමත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්ම වන බවද මෙම සිදුවීමෙන් මනාව තහවුරු වේ.

රට ගොඩනැගීම සදහා IMF ණය ලබා ගනිද්දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු රාජ්‍ය දේපල විකුණාගෙන කෑම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අප අයෝජන මණ්ඩලයෙන් හා රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan