සටහන – රුවන් නෙළුගොල්ල
පසුගිය දිනවල රුපියල් 28 – 32 අතර ගණන්වලට පහත බැස තිබුණු බිත්තරයක මිල මේ වනවිට රුපියල් 40 ඉක්මවා තිබේ.
අද (06) දිනය වනවිට ඇතැම් ප්රදේශවල ලොකු බිත්තරයක මිල රුපියල් 47ක් පමණ වන බවත් වාර්තා විය.
බිත්තර ඉල්ලුම වැඩිවීමත් පසුගිය සතියක් පමණ කාලයක් තිස්සේම බිත්තර සැපයුම ක්රමිකව අඩුවීමත් හේතුවෙන් මෙසේ බිත්තර මිල වැඩිවී ඇති බවයි වෙළඳුන් පවසන්නේ.
එසේම ඉදිරියේදී තවදුරටත් බිත්තර මිල ඉහළ යා හැකි බවත් වෙළඳුන් පෙන්වා දෙයි.