ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට් ගන් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත. එම ෂොට් ගන් තුවක්කු ලබා දීමේ තීරණය ලබා දුන්නේ අරගලයෙන් පසුවයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හෙරත් මහතා පැවසුවේ ගිනි අවි සමාලෝචන ක්‍රියාවලියෙන් පසුව ඒවා නැවත භාරදීමට කටයුතු කරන බවයි.

මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ එම රිපීටර් ගිනි අවි ලබාගෙන තිබෙන බව දැනගන්නට ඇත. මේ අතර හිටපු මන්ත්‍රීවරුන් ලබාගෙන ඇති පිස්තෝල සියල්ල ද වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස දැනුම් දී ඇත. පිස්තෝල ගිනි අවි ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 110කි. එහෙත් මන්ත්‍රීවරුන් බහුතරයක් එම ගිනි අවි තවම භාරදී නැතැයි වාර්තාවේ.

මන්ත්‍රීවරුන්ට රිපිටර් වර්ගයේ ෂොට් ගන් ගිනිඅවි මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ අරගලයෙන් පසුවය. ජීවිත ආරක්ෂාව සඳහා විවිධ පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ පතුරම් ලබන මස 7 වැනිදාට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස නියෝග කර ඇති අතර එසේ භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...