ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද (06) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් 13 වනදා FCIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. සිංගප්පූරුව බලා ගොස් සිටි ඇය යළි දිවයිනට පැමිණ තිබුණේ ඊයේ රාත්‍රියේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...

ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් අධිකරණයට!

කොළඹ LNW: සිරදඬුවමට යටත් වී සිටින බොදු බල සේනා...