සටහන – ශක්තික සත්කුමාර
“ගොවිපොළේ පෙරලිය” කෘතිය ලියූ ජෝර්ජ් ඕවෙල් වරක පවසා සිටියේ සමාජය සත්‍යයෙන් දුරස් වන තරමටම සත්‍ය කතා කරන්නන් වෛරයට ලක්වෙනු ඇති බවයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින්නේ ද මෙයයි.පසුගිය පසුගිය වර්ෂ කිහිපය සැලකූ විට මෙතවිට මෙතරම් සත්‍ය විකෘති කළ සහ සත්‍ය කතා කරන්නන් මූලධර්මවාදීන්ගේ කෝපයට ලක් වූ වෙනත් සමයක් මෙරට ඉතිහාසයේ පෙර නොවූ තරම්ය. මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගලාගෙන යෑමේ දී සිතීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කූඹියෝ කළ සෑම අවස්ථාවකදීම අවස්ථාවකම එය සමස්ත මානව සංහතියට ම කළු පැල්ලමක් එක් කළේය.
ජීසස් කුරුසයේ හි තබා ඇණ ගැසීම සොක්‍රටීස්ට වස පෙවීම පෙවීම බෲනෝ නමැති විද්‍යාඥයා පුළුස්සා මැරීම ගැලීලියෝ ගැලීලි ඊට සිර සිර දඬුවම් නියම කිරීම ගැන නූතන මිනිසා අභිමානයෙන් කථා නොකරයි. මිනිසාගේ විමුක්තිය පිළිබඳ උදාර සිහින දුටුවෝ සැම විටම තමා අදහස් මත වාද නිර්භීතව නිර්භීත ව ප්‍රකාශ කළහ.කෑම බීම සහ රමණය පමණක් යෙදුණු මිනිස්සු ලෝකයට අලුතින් යමක් එක් නොකළහ. ලෝකය නව ආකාරයකින් නිෂ්පාදනය නොකළහ.පවතින සම යට එරෙහිව නව ආකාරයට සිදු සිතූ අදහස් ප්‍රකාශ කළ දඩබ්බර මිනිසුන් අතින් නව ලෝකයක් බිහි විය. ගෞතම බුදුන්,ජීසස්,
මහම්මත් සිග්මන් ප්‍රොයිඩ්කාල් මාක්ස් පෙඩ්රික් එංගල්ස් මාටින් ලූතර් කිං ආදී ලෝක නම රැන්දු සියලුම දෙනා ඔවුන්ගේ ගතානුගතික මවුපියන්ට ගුරුවරුන්ට හා අසල්වැසියන්ට අනුව අකිකරු පුත්‍රයෝ වූහ. ඔල්මාදකාරයෝ වූහ. නිරර්ථක මිනිස්සු හා සාම්ප්‍රදායික ව සිතන අදහස් ප්‍රකාශ කරන මිනිසුන් බහුල සමාජයක විකල්ප සිතීමක් සහිත මිනිසුන් පිස්සෝ ඔල්මාද කාරයෝ වෙති. නමුත් නූතන ලෝකයේ නිර්මාපකයෝ ඔවුහු ම වෙති. මේ පාඩම ඉතිහාසය නැවත නැවත ඔප්පු කොට තිබුණත් එය ඉගෙනීමට බොහෝ දෙනා බිය වෙති.
භාෂණය හා ප්‍රකාශනය නිදහස් අහිමිව යන රටක ආර්ථික සමාජයීය සංස්කෘතික අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර කඩා කඩාවැටීම අනිවාර්යෙන් සිදුවන්නකි. පරිකල්පනයට සීමා පැනවීම තුළ නව කලා නිර්මාණයක් හෝ සංස්කෘතික මිනිසෙකු කෙසේ නම් බිහි වෙයි ද අලුත් විදිහට නොසිතන කතා නොකරන මිනිසුන් වටින්නේ මෙරට දේශපාලනඥයන්ට සහ ආගමික සංස්ථාවන්ට පමණි. සැබැවින්ම මෙරට දේශපාලන ප්‍රවාහයට මෙන්ම විශේෂයෙන් සිංහල බෞද්ධ ආගමික සංස්ථාවට අවශ්‍ය අවිචාරවත් මිනිසුන්ය. එනිසා ඔවුහු විවිධ පීඩාකාරී අණපනත් මගින් මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කරමින් සිටිති. වර්ෂ 2019 2010 නවයේදී මෙම ලියුම්කරු ගෙන් පසු සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් වන රම්සි රාසික්,සේපාල් අමරසිංහ කිවියර අන්නාෆ් ජසීම් ප්‍රහසන කලාකාරිනියක් වන නතාෂා එදිරිසූරිය යන අය අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය තුළින් දිගහැර මින් තිබෙන්නේ එකී කටුක යථාර්ථයයි. මෙරට භාෂණය හා ප්‍රකාශන නිදහස අහිමි ව යමින් තිබෙන මේ මොහොතේ සෑම සිවිල් පුරවැසියකු ම කළ යුත්තේ ඊට එරෙහිව නැගී සිටීම ය. මර්දනය තමන්ගේ අබිමුවට එනතෙක් එන තෙක් බලා සිටීම අනුවණ ක්‍රියාවකි. මුල් කාලීනව ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආධාරකරුවෙකු ආධාරකරුවෙකු ජර්මානු පූජකවරයකු ලෙස සැලකෙන මාටින් නීමොලර් විසින් එවකට හෙට හෙෆ්නර්ගේ මර්දනය පිළිබඳ සිදුකරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය මෙහිදී නැවත සිහිපත් කිරීම වැදගත් යැයි සිතමි.
ඔවුන් කොමියුනිස්ට්වාදීන් මරා දමන කළ මා කොමියුනිස්ට්වාදියකු නොවන නිසා නිහඬව සිටියෙමි. ඔවුන් වෘත්තීය සමිති කරුවන් මරා දමන කළ මා වෘත්තිය සමිතිකරුවකු නොවන නිසා නිහඬව සිටියෙමි. ඔවුන් යුදෙව්වන් මරා දමන කළ මා යුදෙව්වකු නොවන නිසා නිහඬව සිටියෙමි. අවසානයේ ඔවුන් මා මරා දැමීමට පැමිණි විට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත. අද මා ඇතුළු කුඩා කණ්ඩායම මුහුණ දෙමින් සිටින මෙකී මර්දනය හෙට ඔබට මුහුණ දීමට සිදු වීමටද පුළුවන. එබැවින් ඊට එරෙහිව පෙළ ගැසීම භාෂණයේ හා ප්‍රකාශනයේ ප්‍රකාශනයේ නිදහස අගයන අප සියලු දෙනාගේම වගකීම වේ.
සිසිර සඟරාව (2023 ඔක්තෝබර් කලාපය)