රටේ ප්‍රශ්න නැති නිසා මහබැංකුවේ 10ක් ලෝක බැංකු කොක්ටේල් පාටියකට !

Date:

රටේ ආර්ථිකය දරුණු අගාධයකට තල්ලු වෙමින් තිබියදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු මහ බැංකු කාර්ය මණ්ඩලයේ ඉහළම නිලධාරීන් පිරිසක් වොෂින්ටනයට ‘විනෝද චාරිකාවක්’ යාමට සිටින බව වාර්තා වේ.

මෙම චාරිකාවේ අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මිතුරන් සමඟ කාලය ගත කිරීමත් අදහස් හුවමාරු කරගැනීමත් ය.

මෙය ලෝක බැංකුව විසින් පවත්වන වාර්ෂික රැස්වීමක් පමණක් වන අතර එයට ගෝලීය ආර්ථිකය, ජාත්‍යන්තර සංවර්ධනය සහ ලෝක මූල්‍ය පද්ධතිය කෙරෙහි අවධානය යොමු කරන ලද සම්මන්ත්‍රණ, කලාපීය සංක්ෂිප්ත කිරීම්, මාධ්‍ය සාකච්ඡා සහ තවත් බොහෝ අවස්ථා ඇතුළත් වේ. ඒ අනුව මෙම වසරේ එම රැස්වීම් හා සම්මන්ත්‍රණ මාලාව 2022 ඔක්තෝබර් 10-16 වොෂින්ටන් ඩීසීහිදී පැවැත්වේ.

මේ සඳහා මුදල් අමාත්‍යවරයාට දේශපාලන මට්ටමින් යාමට අවශ්‍ය නම් එසේ සහභාගී විය හැකි නමුත් දැන් ඇති ගැටලුව නම් මෙසේ නිලධාරීන් විශාල ගණනක් මෙහි යන්නේ මන්ද යන්නය.

එම රැස්වීම් හා සම්මන්ත්‍රණ වලට සහභාගී වීමට ඔතරම් උනන්දුවක් තිබේ නම් ඔවුන්ට ඒවාට අන්තර්ජාලය ඔස්සේ ද සහභාගී විය හැක.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ අමුද්‍රව්‍ය ආනයනය සඳහා විදේශ විනිමය නොමැති බව මහ බැංකු පවසන නමුත් ඒ මහබැංකුවේම ඉහළ නිලධාරීන්ට මැදපෙරදිග කම්කරුවන් දුක සේ උපයා එවන විදේශ විනිමය රිසි ලෙස භාවිතා කිරීමට කිසිදු තහංචියක් නැත. බොරතෙල් නැවකට මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අද (07) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවත් යළි වසා දැමීමට සිදුව තිබේ. මහබැංකු නිලධාරීන් ඇමරිකාවේ පාටි දමන්නට යන්න හදන්නේ රටේ එවැනි තත්වයක් තිබියදී ය.

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා දැනටමත් කාඩ් කුට්ටමේ සිටින ‘හොඳම ජෝකර්’ බවට පත්වෙමින් සිටී. ඔහුගේ අවසන් ඇමෙරිකා සංචාරයේදී ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 6.2ක් වැය වූ බවද වාර්තා වී තිබිණි.

නන්දලාල් වීරසිංහ මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කණ්ඩායමේ සභාපතිවරයාව සිටින තාක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට සහභාගී නොවන බව චීන ජාතිකයන් පවසා ඇති බවත් එයට හේතුව ඔවුන් කෙරෙහි මහ බැංකු අධිපතිවරයාගේ නොසැලකිලිමත් ආකල්පය බවත් මූල්‍ය ක්ෂේත්‍රය තුළ මේවන විට කතාබහට ලක්ව ඇති කරුණකි.

මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව යන මේ ආයතන දෙකටම වගකිව යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඒ මහතා හෝ මැදිහත්ව මේ විකාරයට තිත තැබිය යුතුව තිබේ.

නැව ගිළුණත් බෑන්ඩ් චූන් කියා කතාවකුත් තිබේ. ඒ අනුව රටේ ආර්ථිකය දැන් පවතින තත්වය හමුවේ තමන්ගේ වගකීම වී ඇත්තේ පාටි දැමීම යැයි මහබැංකු ඉහළ නිලධාරීන් සිතා සිටිනවාදැයි අප දන්නේ නැත ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...