සියළු හොරු අපි අල්ලනවා – වසන්ත සමරසිංහ

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

උගන්ඩාවේ පමණක් නොව මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයා ඒ පිළිබඳ පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙන බවත්, පසුගිය සමයේ ආන්දෝලනයට සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“ආණ්ඩුවට සති දෙකයි දැන් පරික්ෂණ පටන් අරගෙන තියෙන්නේ. සතුරෝ කලබල වෙලා තියෙනවා. අපි කියන්න ඕනේ කලබල වෙන්න එපා බැඳුම්කර වංචාව පිළිබඳව, පාස්කු ප්‍රහාරය පිළිබඳ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ තරුණයින් 11දෙනෙකු අතුරුදන් කිරීම, අසූචි පොහොර නැවට ගෙවීම, එයාබස් ගනුදෙනුව, මේ සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරම්භවෙලා තියෙනවා. නාමල් රාජපක්ෂ හිතාගෙන ඉන්නවා අපිට උගන්ඩාව පෙන්වලා ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යට ගහයි කියලා, නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දෙස බලාගෙන ඩුබායි ගිණුම්වල සල්ලි මාරුකරපු හැටි හොයන්නේ නැතුව ඉඳියි කියලා. රවී වෛද්‍යාලංකාර එකක් ඩීල්දාලා යට ගහපු ෆයිල් ටික අවුසන්නේ නැතුව ඉඳියි කියලා. ඒ නිසා උගන්ඩාවේ ඉඳලා ප්ලේන් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින්වලට එනකොට ඒ අය ආවේ ගියේ කොහොමද කියන එක හොයනවා බලනවා. උගන්ඩාවේ විතරක් නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයනවා. ඒ නිසා හොරු පෝලීමට කරපු හොරකම් ගැන පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...