රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
පවතින ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වය හමුවේ, මහ කන්නය සඳහා කුඹුරු සකස් කිරීමේදී හැකි උපරිමයෙන් වැසි ජලය භාවිත කරන ලෙස මහවැලි අධිකාරිය ගොවීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
ජල සම්පත් ප්‍රවේශමෙන් කළමනාකරණය කරන ලෙසත්, වාරිමාර්ග ජලය භාවිත කළ යුත්තේ බීජ වැපිරීමේ කටයුතු සඳහා පමණක් බවත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ජේ. කේ. හේරත් මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, 2026/2027 මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීමේ කාලසටහන මහවැලි අධිකාරිය විසින් නිකුත් කර ඇත.
ඔක්තෝබර් 1 වන දින ජලය නිකුත් කිරීම ආරම්භ වූ අතර, නොවැම්බර් 14 වන දින දක්වා මහවැලි ව්‍යාපාර 55ක් වෙත අදියර වශයෙන් ජලය නිකුත් කිරීම සිදු කෙරේ.
මහවැලි ව්‍යාපාර යටතේ ආවරණය වන සමස්ත කුඹුරු සහ වෙනත් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 227,283කි.


