මේ පාර ලක්ෂ්මන් කිරිඇල්ලගේ තීරණය ….

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් වසර 36ක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බැවින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවී, දේශපාලනයෙන් ඉවත්ව විවේක සුවයෙන් ගත කිරීමට තමන් තීරණය කළ බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද ඔබතුමාලාගෙ නාමයෝජනා කටයුතු ?

“සාර්ථකව කෙරෙනවා. අපි හිතුවාටත් වඩා විශාල උනන්දුවක් තියෙනවා විශේෂයෙන් තරුණ පිරිස් අතර”

ප්‍රශ්නය – ඔබතුමා නාමයෝජනාවලට අත්සන් තැබුවාද මහනුවර දිස්ත්‍රික්කයේ ?

“නෑ ඉතින් මම අවුරුදු 36ක් හිටියානෙ … දැන් විවේක සුවයෙන් ඉන්නත් එපැයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඉල්ලන්නෙ නෑ මේ පාර ?

“අවුරුදු 36ක් පාර්ලිමේන්තුවේ කියන්නෙ දීර්ඝ කාලයක්. අපි තරුණ කට්ටියටත් අවස්ථාව දෙන්න එපැයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ගෙදරින් තරුණ කවුරුහරි ඉදිරිපත් කරනවාද මේ සැරේ ?

“හෙට වෙනකල් ඉන්නකෝ ….”

ප්‍රශ්නය – ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් එනවා කියලාත් කතාවක් තිබුණා …?

“නෑ, මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මොකද විවේක සුවයෙන් ඉන්න තමයි මගේ බලාපොරොත්තුව”

ප්‍රශ්නය – දැන් මේ පාර 113 ගන්න පුළුවන් වෙයිද සමගි ජන බලවේගයට ?

“පැහැදිලිවම. මොකද, එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් අය දැන් අපට කතා කරනවා. ඒ අයගේ සහයෝගයත් එක්ක අපට හොඳ සටනක් දෙන්න පුළුවන්”

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (08) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...