මේකත් මහ ජාතියේ අධිපති ජනප්‍රියවාදයේම දිගුවක් නොවන්නට නම් ….

Date:

එදා ජ.වි.පෙ සන්නද්ධ අරගලය අසූනමයේ අගදි විනාශවූ නමුත් වසර හතරක් යාමට ඉක්බිත්තෙන් කොළඹ විහාරමහා දේවී රංග පීටයේම අපිට පුළුවන් උනා අරගලයෙන් මියගිය සගයන් ඉහලින්ම සමරන්න..

හැබැයි උතුරෙත් එහෙම අරගලයක් තිබිලා ඒක විනාශවෙලා දසකයකට වඩා ගිහිල්ලත් අදටත් බෑ කොහේ හරි කොනකවත් බාධාවක් නැතිව මැරිච්ච එවුන් වෙනුවෙන්වත් ඒ මිනිස්සුන්ට පානක්වත් පත්තුකර ගන්ට..

සාධාරණව හිතන ඕනම කෙනෙකුට තේරෙනව මෙතන අසාධාරණයක්, අසමාන සැලකිල්ලක් තියෙනවා කියන එක..

මම කියන්නේ ඉතිහාසයේ කවදා හරි දවසක “යුක්ති ගරුක මිනිසෙක්, සාධාරණ සමාජයක්” වෙනුවෙන් සටන් කරලා අතුරුදන් වූ මිනිස්සු හිටපු ව්‍යාපාරයකට අද රාජ්‍ය බලය ලැබුන මේ මොහොතේ උතුරේ අතුරුදන්වූවන් වෙනුවෙන් සහ උතුරේ මිනිසුන්ට දෙන්ට ඕන සහ කාලයක් තිස්සෙ ඒ මිනිස්සු මැරිමැරී ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන මීට වඩා වෙනස් කෝනයකින් අපි හිතන්ට ඕන කියලා..

එහෙම නූනොත් මේකත් රාජපක්ෂලා නියෝජනය කල මහා ජාතියේ අධිපති ජනප්‍රිය වාදයේම දිගුවක් වෙනවා මිසක් ජාතීන් අතර සහෝදරත්වයේ සහ සධාරණත්වයේ ජයග්‍රහණයක් වෙයි කියලා මම හිතන්නෙ නෑ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...