එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලකිල්ලට ගෙන තිබේ.

2024-09-09 දින සිට 2024-10-11 දින දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සහ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව, එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද, දේශීය ක්‍රියාවලින් තුළින් සංහිදියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිවත් කොට ඇති බව, ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ සහයෝගිතාවයෙන් සහ අර්ථකාරී කථිකාවකකින් යුතුව කටයුතු කරනු ලබන බව යන කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...