ඔව්, ආණ්ඩුව මෙහෙයවන්න පැලවත්ත සම්බන්ධයි – ටිල්වින් සිල්වා

Date:

එක්තරා පුළුල් අර්ථයකින් ගත්විට ආණ්ඩුව මෙහෙයවීමට ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානයත් සම්බන්ධ බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“දැන් අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. ආණ්ඩුවේ තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය. ක්‍රියාත්මක කරන්නේ ඇමතිවරු, මන්ත්‍රීවරු, නිලධාරීන් කට්ටියත් එක්කෙන්. හැබැයි ආණ්ඩුව NPP නෙ. එතකොට අපිට හැමවිටම ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරන්න, ආණ්ඩුවේ කටයුතුවලට දායකත්වය ලබාදෙන්න, උපක්‍රම උපායමාර්ග සකස් කරන්න, ක්‍රියාමාර්ග ගන්න අපිට NPP එකට තියෙනවානෙ ඉඩකඩක් සහ වුවමනාවක්. එතකොට අපි NPP එකේ මෙහෙයුම් කමිටුව සාමාන්‍යයෙන් අපි සැරින් සැරේ රැස්වෙනවා. රැස්වෙන්නෙ පැලවත්තෙ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටුව රැස්වෙන්නෙත් පැලවත්තෙ, NPP එකේ මෙහෙයුම් කමිටුව රැස්වෙන්නෙත් පැලවත්තෙ. එතකොට ඒක රැස්වුණාම එතන ජනාධිපති සහෝදරයා ඉන්නවා, අගමැතිනිය ඉන්නවා, ඇමතිවරු කිහිපදෙනෙක් ඉන්නවා, ආණ්ඩුවේ තනතුරු කිසිවක් දරන්නේ නැති NPP එකේ නායකත්වයේ ඉන්න කිහිපදෙනෙක් ඉන්නවා, මම ඉන්නවා. ඉතින් අපි කතාබහ කරලා, අඩුපාඩුත් කතා කරනවා, ඉදිරිය් කරන දේවල් කතා කරනවා, යෝජනා ඉදිරිපත් වෙනවා, ඒවා කරමු කියලා එකඟතා හදාගන්නවා, ඒ නිසා එක්තරා පුළුල් අර්ථයකින් ඔව්, පැලවත්තත් සම්බන්ධයි ආණ්ඩුව මෙහෙයවන්න. ඒක ඇත්ත. පැලවත්තත් සම්බන්ධයි කියන්නෙ ගොඩනැගිල්ලෙන් නෙවෙයි, අපි එතන රැස්වෙන නිසා. ඇත්ත ගත්තොත් තීරණාත්මක NPP එකේ අපේ මූලික සංවිධාන තියෙනවා එතන. ජවිපෙත් එහෙමයි. නමුත් මෙහෙමයි, නිකම් පැලවත්තෙ ඉඳගෙන වෙන කොහෙවත් යන්නෙ නැතුව ටෙලිෆෝන් එක අතේ තියාගෙන ආණ්ඩුව මෙහෙයවන තනි පුද්ගලයෙක් ඉන්නවා වගේ කතාවක් කියනවා නම් ඒක පොඩි අතිශයෝක්තියක්. එහෙම එකක් නෑ. එහෙම මෙහෙයවන්න ඕනෙත් නෑ ආණ්ඩුව”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...