රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW :
අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත වැල්ලවාය අඩවි වන කාර්යාලයේ වන ක්ෂේත්ර සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ ඉඩමක අනවසරයෙන් වගා කටයුතු කරගෙන යාමට නීතිමය පියවර නොගැනීම වෙනුවෙන් මොහු විසින් මෙම අල්ලස් මුදල අය කර තිබේ.
ඒ සඳහා මාසිකව රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු සිදු කිරීම සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


