*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අරගලයට ගිය සමහරු දැන් රනිල්ගේ ගුණ ගයනවා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද අපට අවශ්‍ය වි තිබෙන්නේ සම්මුතිකාමී සටන්කරුවන් නොව, අවශ්‍ය වන්නේ, අවසන් ජයග්‍රහණය තෙක් සටන් කරන සටන්කරුවෙක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

පසුගිය වසරේ ගෝඨාභයගේ පාලනය පලවා හැරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ආ බවත් , ඒ තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය, තමන්ගේ අනාගතය උදුරා ගැනීමට එරෙහිව, දෙමව්පියන් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් බව දිසානයක මහතා කියයි.

ජනාධිපති ගෝඨාභය පළවා හැර , අනතුරුව රනිල් ජනාධිපති බවට පත්වු පසු, සම්මුතිකාමින්ට එතනින් වැඩේ සමාප්ත වූ නමුත් සමහරු පසුව රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කිරීමට පටන් ගත් බවද හෙතෙම පැවසීය.

” මේ රැස්වී සිටින දහස් සංඛ්‍යාත තරුණ පිරිස දෙස බලන විට අපට පෙනෙන්නේ අනාගතය ගැන බියක් නැති බවයි. ඒ අපට දැනෙන දේ. නමුත් පාලකයන්ට දැනෙන්නේ වර්තමානයද බියජනක බවයි. අපි පැමිණ සිටින්නේ 1928දී ආජන්ටිනාවේදී උපත ලැබ, 1956දී ග්‍රැන්මා බෝට්ටුවෙන් කියුබාවට පැමිණි, 1959දි කියුබානු ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනු ලැබූ, 1967දී බොලියාවේ ඒකාධිපති පාලනයට විරුද්ධව ඒ ජනතාවත් සමග එකට සටන් වැදුණු එක්සත් ජනපදය ඇතුළු ප්‍රතිගාමීන් විසින් ඝාතනය කරනු ලැබූ ‘චේ’ පිළිබඳව සමරන්නයි.

දේශපාලන සංකල්ප ලෝකයේත්, පොතපතේත් තිබෙනවා. මූලික වශයෙන් දේශපාලනය කියන්නේ භාවිතයයි. යථාර්ථය ඉතා හොඳින් ග්‍රහණය කර ගනිමින්, ඉතා පැහැදිලි ඥානයකින් අවශෝෂණය කර ගනිමින් වර්තමානයේ දේශපාලනය ව්‍යවහාරයක්, භාවිතයක් බවට ජාතික ජන බලවේගයේ අපි පත්කර තිබෙනවා. ‘චේ’ යනු සටන් නායකයෙක්, ගරිල්ලා නායකයෙක්, විලාසිතාවක්, සදාතනික තාරුණ්‍යය, කියුබාවේ ජාතික බැංකු අධ්‍යක්ෂවරයා, කියුබාවේ කර්මාන්ත අමාත්‍යවරයා, බොලීවියාවේදී ගෝලීය ප්‍රතිගාමීන් විසින් ඝාතනය කරනු ලැබූ සටන්කාමියා. අපට චේ යනු එක යුගයකදී ගෝලීය ප්‍රතිගාමිත්වය බියට පත්කරන ලද ව්‍යවහාරයක්, භාවිතයක්.

ශක්තිමත් සමාජවාදී කඳවුරක් හා ධනවාදී කඳවුරක් ලෙස ලෝකය තිව්‍ර ලෙස බෙදෙමින් තිබු යුගයක්. ඔහු ඒ යුගයේ විශිෂ්ටතම දේශපාලකයෙක්. අධිරාජ්‍යවාදය විසින් ලෝකය පුරා රටවල් සූරාකෑමට භාජනය කර ගනිමින්, යුද්ධය අපනයනය කරමින් තිබුණා. ලෝකයේ පරිධියේ රාජ්‍යයන්ගෙන් ඔවුනට හිතවාදී ඒකාධිපති පාලනයක් ගොඩනඟමින් තිබුණා. ගෝලීය ප්‍රතිගාමිත්වය විසින් හමුදා පාලනයන් ගොඩනඟමින් ජනතාව පීඩාවට පත්කිරීමට ආශීර්වාද කරමින් අනුබල දෙමින් සිටියා. එවන් ප්‍රතිගාමිත්වය බියට පත්කරන ලද භාවිතය තමයි ‘චේ’.

අද කියුබානු ජනතාව සමාජවාදී ජයග්‍රහණ රැසක් ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජනතාවගේ ජීවිතය ඉතා උසස් ලෙස අත්පත් කරගනිමින් ඉදිරියට යමින් තිබියදී ප්‍රතිගාමිත්වය විසින් සම්බාධක පනවමින් රට තුළ විවිධ ප්‍රතිගාමී කණ්ඩායම් ගොඩනගමින් තිබෙනවා. එදා රළුයි, බිහිසුණුයි. අද සෞම්‍යයි, එහෙත් බිහිසුණුයි, උපක්‍රමශීලීයි. එදා ප්‍රතිගාමිත්වය ප්‍රජාතන්ත්‍රවාදය කියන ලේබල්වලට මුවා වෙමින් රටවල් ආක්‍රමණය කළා. ඒ ප්‍රතිගාමිත්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදය අකුළන ඒකාධිපති පාලනයන් ගොඩනඟමින් ආශීර්වාද කළා.

අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මානව හිමිකම් ගැන ලෝකයට දේශනා දෙන පාලකයන් ලංකාවේ ඡන්ද කල්දාන කොට කතාවක් නැහැ. ජනතාවට තොරතුරු ගලායාමේ සාධාරණ අයිතිය උල්ලංඝනය කිරීම සඳහා පනත් ගේනකොට, ඔවුන් ආශීර්වාදය කරනවා. ගොවි ජනතාවට තමන්ගේ ගොවිබිම් ආරක්ෂා කර ගැනීමේ අයිතිය, තරුණයාට තමන්ගේ අනාගතය වෙනුවෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය, මාධ්‍යවේදියාට ලියන්න තිබෙන අයිතිය, පුරවැසියාට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය, උද්ඝෝෂණය කිරීමේ අයිතිය උල්ලංඝනය කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා. අපට නව ව්‍යවහාරයක්, නව භාවිතයක් අවශ්‍ය නැද්ද? සමාජවාදී තරුණ සංගමය එය චේගේ සටන්කාමිත්වයෙන් උකහාගත යුතුයි. ඔහු අසම්මුතිකාමී සටන්කරුවෙක්. බැටිස්ටාගේ පාලනය පලවා හැරීමත්, කියුබාව ගොඩනැගීමේ සම්මුතියක් පමණක් නොවෙයි ඔහුට තිබුණේ. ඔහු සීමා මායිම් සහිත සටන්කරුවෙක් වුණේ නැහැ. බොලීවියාවේ හමුදා ආණ්ඩුවෙන්, ඒකාධිපති වියරුවෙන් පීඩාවට පත්වී සිටි ජනතාව වෙනුවෙන් ඔහුගේ මෙහෙය ඉටුකිරීමට යනවා. ඔහුගේ සම්මුතිය වූයේ අවසන් ජය්‍රහණයයි.

පසුගිය වසරේ ගෝඨාභයගේ පාලනය පලවා හැරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැස්සා. තරුණ පරම්පරාව තමන්ගේ ජීවිතය, තමන්ගේ අනාගතය උදුරා ගැනීමට එරෙහිව, දෙමව්පියන් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පාරට බැස්සා. ලංකාවේ පළමු වතාවට ජනතාවගේ අරගලයකින් ජනාධිපති ගෝඨාභය පළවා හැරියා. අනතුරුව රනිල් ජනාධිපති බවට පත්වුණා. සම්මුතිකාමින්ට එතනින් වැඩේ සමාප්තයි. සමහරු පසුව රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කිරීමට පටන් ගත්තා. අද අපට අවශ්‍ය වි තිබෙන්නේ සම්මුතිකාමී සටන්කරුවන් නොවෙයි, අවසන් ජයග්‍රහණය තෙක් සටන් කරන සටන්කරුවෙක්. චේ යනු දුෂ්කර අසම්මුතිකාරී සටන්කරුවෙක්.

සමාජවාදී තරුණ සංගමය ‘චේ’ගේ ව්‍යවහාරයන් උකහා ගන්නවා. අපට වර්තමානයේ අවශ්‍ය වෙන්නේ අවසන් ජයග්‍රහණය බලා යන සටන්කරුවෙක්. ‘චේ’ යනු දුෂ්කරතම යථාර්ථයන් තුළ – ‘චේ සහ කැස්ත්‍රෝ’ ඇතුළු ඉතා කුඩා සන්නද්ධ කණ්ඩායමක් ලෙස බැටිස්ටාගේ නිල වශයෙන් පිහිටුවාගෙන තිබෙන, ගෝලීය ප්‍රතිගාමිත්වයේ උදව් උපකාර ලැබෙන හමුදා යාන්ත්‍රණයත් එක්ක ජයග්‍රහණය දක්වා සටන් කිරීම – කටයුතු කිරීමට සූදානම් අයෙක්.

2023.10.08 – ‘චේ’ සැමරුම, විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී සමරූ අවස්ථාවේ අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan