*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

දුම් පරීක්ෂාවෙන් අපේ බස් රථ ඉවත් කරනවා – ගැමුණු විජේරත්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති හෙයින්, ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

මෙම තීරණය සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

“බරපතළ අර්බුදයක් තියෙනවා, මේ දුම් පරීක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඒ් නිසා අපි සංගමයක් විදිය‌ට තීරණයක් අරන් තියෙනවා. මේ දුම් පරීක්ෂාව ජනවාරී මාසයේ සිට අපි අත්අරින්න කටයුතු කරනවා. මොකද දුම් පරීක්ෂාව කියන එක ප්‍රායෝගික නෑ. විශේෂයෙන් අපි දිගින් දිගටම කිව්වා, එකක් තියෙනවා ඉන්ධනවල ප්‍රමිතිය, ඩීසල්වල ප්‍රමිතිය බරපතළ අර්බුදයක තියෙන්නේ. ලොකුවට කතාබහ කරනවා මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ, පරිසරය සුරක්ෂිත කරන්න ඕනේ කියලා. මේ ලබාදෙන ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳවත් බරපතළ ගැටලුවක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ලංගමට දුම් පරීක්සාවක් නෑ. රජයේ වාහනවලට දුම් පරීක්ෂාව නෑ. එතකොට පෞද්ගලික බස් රථත් එකම ගාස්තුවට ධාවනය කරන්නේ, එකම සේවය කරන්නේ. නීතිය දෙයාකාරයකින් සලකන්න කාටවත් හැකියාවක් නෑ. ඒ් නිසා අපි එළැඹෙන සතියේ ලිඛිත දැනුම්දීමක් කරනවා ප්‍රවාහන අමාත්‍යාංශයට අපි ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් අපේ බස් රථ ඉවත් කරන්න කටයුතු කරන්න.”

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan