රනිත්මා, ලෝකය සහ ලංකාව

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 11, (LNW) කොළඹ :

චීනයේ ක්‍රියාත්මක ලෝක කණිෂ්ඨ බැඩ්මින්ටන් සූරතාවලියේ දී අවසන් 16 දෙනාගේ වටය දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ ජාතික බැඩ්මින්ටන් සූරිය වන 17 හැවිරිදි රනිත්මා ලියනගේ 16 වන වටයේදී චීනයේ ෂූ වෙන්ග් ජින් අතින් පරාජයට පත් වුණා.විනාඩි 36 ක් පුරා පැවති මෙම තරගයේ දී රනිත්මා වට 2-0 ක් ලෙස පරාජයට පත් වුණා ලෝකයේ විශාලතම බැඩ්මින්ටන් සංස්කෘතිය ඇති චීනයේ වෙන්ග් ජින් ට ඇය පළමු වටයේ දී ලකුණු 22- 20 ක් ලෙස පරාජය වෙමින් විශාල සටනක් මවන්නට සමත් වුණා.දෙවන වටයේදී චීන ක්‍රීඩිකාව සිය අත්දැකීම් උපයෝගි කර ගනිමින් රනිත්මාට එරෙහිව ලකුණු 21-13 ක් ලෙස ජය ගත්තා.

රනිත්මා ශ්‍රී ලංකා ජාතික සූරිය,ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීම්වල චීන ක්‍රීඩිකාවට වඩා ඉදිරි අංකයක් ඇයට හිමි වෙනවා.එහෙත් කණිෂ්ඨ ශ්‍රෞණිගත කිරීම්වල වෙන්ග් ජින් ඉන්නෙ 8 වන තැන.රනිත්මා ඉන්නෙ 45 වන තැන.මේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් වර්ගීකරණයේ දී චින ක්‍රීඩිකාවට අංක 3 හිමි වී තිබීමත් අමතක කළ නොහැකියි.

අප රනිත්මා ගැන ආඩම්බර වෙනවා වගේම දියුණු ලෝකය අපට වෙනස් ගමණක යන බවත් මේ දත්ත හරහා කියවා ගත යුතු වෙනවා.රනිත්මා ජ්‍යෙෂ්ඨ අංශයෙන් පමණක් තරග වැදීමේ අවස්ථා තිබෙන ක්‍රීඩිකාවක්.එවිට ඇය පරාජය වූ වෙන්ග් ජින්ට එහෙම ඉඩක් නැත්තේ ඇයට එහි ජාතික සූරිය වීමට ඉඩක් නැති තරමට දක්ෂ ජ්‍යෙෂ්ඨයින් සිටින නිසා.චීනයේ බැඩ්මින්ටන්වල පොහොසත්කම නිසා.රනිත්මා ඊට වඩා ක්‍රීඩාව දුප්පත් තත්ත්වයක තියෙන රටක වීම හැරෙන්නට වෙනත් වෙනසක් ඇය හා වෙන්ග් ජින් අතර නැති බව වගේම දක්ෂතා වර්ධනය සහ හැකියාව අසමාන වන්නේ චීනයේ සහ ලංකාවේ බැඩ්මින්ටන්වලල ඇති පොහොසත්කමට සහ දුප්පත්කමට සාපේක්ෂව බවත් අප අවබෝධයෙන් සිතා බැලිය යුතුයි.

තවමත් 17 හැවිරිදි රනිත්ම මේ වන විටත් ජාතික සූරිය ලෙස ශ්‍රී ලංකාවේ කාන්ා බැඩිම්න්ටන් ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන් සිටිනවා.චන්ද්‍රිකා ද සිල්වා හැරුණු විට මෑත ඉතිහාසයේ ජාතික සූරියන් බවට පත් වූ බොහෝ ක්‍රීඩිකාවන් පාසල් වියේ හෝ එය පසු කර ආසන්නයේ සිටිය බව පැහැදිළියි.අචිනි රත්න්සිරි,තිළිණි ජයසිංහ,ලේඛා ශෙහානි,කිළිණි හෙන්දහේවා ලෙස නම් පෙළක් මේ ආකාරයට ජාතික මට්ටමෙන් දක්ෂතා දක්වන්නියන් ලෙස පෙළට ලියා තැබිය හැකියි.එ් විශිෂ්ඨත්වය නඩත්තු කර ගැනීමට අපට එහෙත් හැකි වුණේ නැහැ.මේ ඇත්ත තේරුම් ගෙන රනිත්මා දිහා කල්පනා කළොත් මේ දක්වා කාන්තා ක්‍රීඩිකාවන් වෙනුවෙන් පොළවේ පැවති බැඩ්මන්ටන්වලට එහා අපට සිතා රනිත්මා ගැන සැළසුම් සැකසිය හැකියි.
මේ වන විටත් ඇයගේ පුහුණුවේ සහයට රඳවා තිබෙන ඉන්දුනීසියා ක්‍රීඩක කැළ වත්මන් බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා ඇය වෙන්වෙන් කළ ආයෝජනයක් ලෙස සැළකිය හැකි අතර එයින් ලැබී ඇති ප්‍රගතිය ද මේ තරගාවලිය තුළ රනිත්මාගේ දස්කම් හරහා කියවා ගත හැකියි.ඒ නිසා පවතින නීතිමය තත්ත්වයන් වල වයස,පත් වි හැකි වාර ගණන ආදි කාරණාවන්ගේ සංශෝධනයක් නොවන්නේනම් රොහාන් දැරුව බරම බැඩිමින්ටන් මත අලුතෙන් පත්වන සභාපතිවරයා ද තැබිය යුතු වෙනවා.විශේෂයෙන්ම එය ආර්ථීකමය වශයෙන් ලබා දෙන ශක්තිය ප්‍රධාන කර ගෙන ක්‍රියාත්මක විය යුතු වෙනවා.

ඒ නිසා රනිත්මාගේ ඊ ළඟ පොහොතේ පැවත්ම රඳා පවතින්න රනිත්මා නොවන එහෙත් රනිත්මා විය යුතු සාධක ගණනාවක් පරිපාලකයන්ගෙ,ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යයතාවය තේරුම් ගත යුතු දේශපාලනයට අදාළ ප්‍රතිපත්තිමය කාරණාවන් ඇතුළෙ රැදී තිබෙනවා.ඉතිං මේ ඇත්ත හරියටම තේරුම් ගත්තොත් රනිත්මා කාලයත් එක්ක ලෝකයේ මුල් 16 ට නොවී ඊට ඉදිරියට වැඩෙන්නට හැකි හැකියාවන් තිබෙන සම්පතක් බව පැහැදිළියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...