පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11:
පැනමාවේ ඇති වූ ප්‍රබල භූ කම්පන දෙකකින් පසු අඛණ්ඩව සිදුවන පසු කම්පන හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි අවදානමකට මුහුණ දී සිටිති. තත්ත්වය සැලකිල්ලට ගනිමින් බලධාරීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඔක්තෝබර් 9 වැනිදා රික්ටර් මාපකයේ 7.7 සහ 6.6 ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන දෙකක් වාර්තා වී ඇති අතර, ඉන් අනතුරුව 5.8ක ප්‍රබලත්වයක් දක්වා වූ පසු කම්පන 100කට වැඩි සංඛ්‍යාවක් සිදුව තිබේ.

මෙම භූ කම්පන හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවදානම් සහිත ප්‍රදේශවලින් පිරිස් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත. භූ කම්පනවලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, තවදුරටත් පසු කම්පන ඇතිවීමේ අවදානම හේතුවෙන් හානි වූ ගොඩනැගිලිවලට ඇතුළුවීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...