අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ‘හදිසි ක්‍රියාකාරී හා උපක්‍රමික බලකායට’ (Emergency Action and Tactical Force) අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරියෙකු ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ(11) රාත්‍රියේ සිදු වූ බවයි.

සැකකරු කහවත්ත, කපුහේන්තොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි බන්ධනාගාර නිලධාරියෙකි.

වාර්තා වන පරිදි, රාජකාරි විරාමයක් අතරතුර බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මොහු සතුව තිබී ගංජා සොයාගෙන ඇත.

සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අංගුණකොළපැලැස්ස පොලිසිය වෙත භාර දීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...