හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කළ කතාව බොරුවක් බව නීතීඥ මනෝජ් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ රෝහල්ගත කර ඇති බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්ය බව ඒ මහතාගේ මාධ්ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා. මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය, අදූෂමාන, ද්වේශසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින් උත්සාහ කරනවා, මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලයි කියලා පෙන්නන්න. නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම ශාරීරිකව සහ මානසිකව ඉතාම ශක්තිමත් නායකයෙක්. මම හිතන්නේ මේ පුහු දේවල් වලින්, මේ බොරු දේවල් වලින් එතුමාගේ වැනි දැවැන්ත පෞරුෂයක් වට්ටන්න හිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඒ නිසා මම කරුණාවෙන් දැනුම් දෙනවා, එතුමාට ආදරය කරන සියලුම ජනතාවට, මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාරීරිකවෙන්ම, මානසිකව ඉතාමත් හොඳ සුවයෙන් එතුමාගේ නිවසේ කල්ගත කරනවා කියලා පණිවිඩය මම සියලුම එතුමාට ආදරය කරන ජනතාවටත්, ඒ වගේම එතුමා පිළිබඳව බොරු අසත්‍ය ප්‍රචාරය කරගෙන යන අයටත් දැනුම් දෙනවා”

නීතීඥ මනෝජ් ගමගේ මේ බව ප්‍රකාශ කර තිබුණේ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් මීට පෙර ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදෙස්ගත වූ අවස්ථාවේදී ද නීතීඥ මනෝජ් ගමගේ පවසා තිබුණේ එවැන්නක් සිදුනොවූ බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවලපිටිය නගර සභා සභාපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : නාවලපිටිය ප්‍රදේශයේදී සිදු...

පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය විවෘත කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...

ගෘහස්ථ ණය මට්ටම ඉහළ යාම ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති...