නාගරික ප්‍රදේශවල විධිමත් අයුරින් ගස් සිටුවීමට උපදෙස්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ තදාසන්න ප්‍රදේශ වල සහ නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී ප්‍රමිතියකින් යුත් පැළ යොදාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, විශේෂයෙන් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති අතර, තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇති විය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ද ඔහු විසින් උපදෙස් ලබා දී ඇත.

තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදනාමක් පවතින ගස් හඳුනාගැනීමටත් ඒවා මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදි උපදෙස් ලබා දී ඇති බවයි .

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දී ඇත්තේ, සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කර ඊට අදාළ තාක්ෂණික සහාය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් ලබා ගැනීමටත් යොමුවන ලෙසය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...