*
Friday, September 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/13

1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාම ගිවිසුම් නිර්මාණය කිරීමෙහි ලා ප්‍රසිද්ධියක් උසුලන, හිටපු නෝර්වේජියානු අමාත්‍ය එරික් සෝල්හයිම් ( Erik Solheim) ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කෙරේ – මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ද තවත් උපදේශකයෙකු ලෙස පත් කරයි.

2.” කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23 ක්! අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ඔක්තෝබර් 15 ලෙස නම් කෙරේ.

3. අපනයනකරුවන් සඳහා ආයතනික බද්ද දෙගුණයක් වීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් ප්‍රකාශ කරයි.- අතිරේක බදු හේතුවෙන් කර්මාන්තය තරඟකාරී නොවන ඔහු බවට අනතුරු අඟවන අතර ගෝලීය වෙළෙඳපොල තුළ පාඩු ලැබීම හේතුවෙන් කර්මාන්තය දැනටමත් 2022 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා ඇණවුම් 25% ක අඩුවීමක් අත්විඳිමින් සිටින බව පවසයි.

4.පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන සිදු කිරීම වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇති බව පැවසේ.
-රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ කමිටුව විසින් නිර්දේශ කරන ලද නව කෙටුම්පත සලකා බැලීමට ද යෝජනා කෙරේ

5. ආයෝජකයින් 16 දෙනෙකුට වසර 35ක බදු පදනම මත ඉඩම් කට්ටි 16ක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ගෙන් යෝජනාවක් ඉදිරිපතව ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනාව අනුමත කරන ලදී.

6. ඩොලර් මිලියන ගණනක යටිතල පහසුකම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා 2009 සහ 2016 වර්ෂයන් අතර ශ්‍රී ලංකා නිලධාරීන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 304,000 (ඇමරිකානු ඩොලර්190,000) කට වැඩි මුදලක් අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසයි.

7. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පළාත් සභා මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය හෙළා දකියි. මැතිවරණ කොමිසම විසින් ලබන වසරේ මාර්තු මාසයට පෙර මැතිවරණය පැවැත්වීමට ඉක්මන් තීරණයක් ගනු ඇති බවද ඔහු පවස​යි.

8.පවතින විරෝධතා පෙළපාළි සඳහා තම දරුවන් රැගෙන යන්නන් එකළ තම සුභසිද්ධිය වෙනුවෙන් දරුවන් “පළිහක්” සේ යොදාගත් එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ට සම වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එවන් ක්‍රියා වැලැක්වීමට සියලු කටයුතු සම්පාදනය කරන බව ඔහු තවදුරටත් පවසයි.

9. වී අලෙවි මණ්ඩලය සතුව වී මිලදී ගැනීමට මුදල් නොමැති බව රාජ්‍ය මුදල් අමාත්‍ය සහ කෑගල්ල ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පිළිගනී. ඔවුන් පවසන්නෙ එයට හේතුව “අරමුදල් අඩුපාඩු” යන කරුණයි.

10.රජයේ නව ආදායම් බදු ප්‍රතිපත්තිය හරහා දේශීය නිෂ්පාදන අංශයට විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. කුඩා සහ මධ්‍යම පරිමාණයේ ආයතනවල බදු 14% සිට 30% දක්වා වැඩිකර ඇති අතර අපනයන ක්ෂේත්‍රයේ 14% ට තිබූ බදු 30% දක්වා ඉහළ ගොස් තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan