කදිරාන ගුරුවරියන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ – අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පසුගිය 06 වනදා මීගමුව, කදිරාන කණිෂ්ඨ විද්‍යාලයේ සංවිධානය කර තිබුණු වැඩසටහනකදී එම පාසලේ ගුරුවරියන් පිරිසක් පැරණි ගීතයකට නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ ඔස්සේ සංසරණය විය.

එම සිද්ධියට අදාළව එම ගුරුවරියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනෙණු ඇති බවක් ද ඇතැම් මාධ්‍ය පසුව වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් එම ගුරුවරියන් සහ සිසුන් විසින් කිසිදු විනය කඩකිරීමක් සිදුකර නොමැති බැවින් මේ සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොමැති බව මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

RN