නාය ගිය දක්ෂිණ අධිවේගය යළි හදන්න ප්‍රමිතගෙන් උපදෙස් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණු අතර, විශේෂඥ දැනුම යොදා ගනිමින් අධිවේගී මාර්ගය ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්, යුද හමුදා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා සංචාරයක නිරත වූ අතර එහිදී අමාත්‍යවරයා විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

තවද, විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ආපදා කළමනාකරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...