ඉතිහාසය කැරකෙන්නේ අපිට ඕන විදියට නෙමේ… ඒක හරිම කෲරයි !

Date:

නැපෝලියන් යනු ඉතිහාස නිමැවුම් කරුවෙකි – මාක්ස්.

රෝමය වගේ මහා ශිෂ්ඨාචාර ගොඩ නැගුනේ වටේ තිබුන කුඩා කුඩා ගෝත්‍ර නටඹුන් ඇබ්සෝබ් කරගෙන සහ ඒවා රෝම ශිෂ්ඨාචාරයට ජීර්නය කරගෙන… බටහිර ජාතීන් අප්‍රිකාවට යනවිට අප්‍රිකාවේ හිටියේ මිනීමස් කන ම්ලේච්ඡයෝ, බටහිරයන් අතින් ඔවුන්ව ශිෂ්ඨකරනයට ලක් උනේ අතිෂය කෘර විදියට..සමහරවිට ඒකට හේතුව ඒ සඳහා සුමට මාවතක් ඉතිහාසයේ නොතිබීම වෙන්ට ඇති..

මොකද ගෝත්‍රිකත්වය තුල ඓතිහාසිකව ගල්වූ සමාජ සංතිතියක් එයින් මුදවාගත හැක්කේ පිටතින් එන දියුණු ශිෂ්ඨාචාරයක් කඩාවැදී කරන සුනුවිසුනු කිරීමක්ම තුලින් පමණයි..එහෙම නැතිව මොන ම්ලේච්ඡ සමාජයද ම්ලේච්ඡත්වය සිය කැමැත්තෙන් අත් හැරියෙ….

මෙතෙන්දි අප්‍රිකාවේ ඉරණම එක්කො සදාකල් ගෝත්‍රික අන්දකාරයේ ඉන්නවෙන එක, නැත්නම් ශිෂ්ඨකයාගේ ගොදුරක්වෙලා ශිෂ්ඨත්වයේ මාවතේ වේදනා විඳවිඳ යන්න වෙන එක..මේ දෙක අතර මැද මාවතක් ඉතිහාසයේ තිබුනේ නෑ…

ඇෆ්ගන්, ඉරාණ, පලස්තීන සමාජ තුල ගැහැණුන්ට තියෙන්නේ හුදු ලිංගික මේවලමකට හිමි වටිනාකම..සමහර තැන්වල එහි වෙසෙන ගැහැණුන්ට අපරාධයක් උනාම පැමිණිලි කරන්න පුලුවන් පුරුෂ දේපොලකට හානි කිරීම කියන නීති වගන්ති යටතේ ඇගේ අයිතිකාරයට පමණයි..ඒංගල්ස්ට අනුව සමාජයක ශිෂ්ඨත්වය මනින මූලිම මිම්ම ඒ සමාජය තුල ගැහැණියට හිමි තැන කොතනද කියන මිම්මයි..

මෙතනදි මම කියන්නේ නෑ ඉරාන අෆ්ගන් පලස්තීන ලෝකයේ ශිෂ්ඨකරනය කරන්නේ ඊශ්‍රායෙල් යුධවාදය විසින් කියලා..හැබැයි එහෙමම නෙවෙයි කියන්නෙත් නෑ..

මොකද ඉතිහාසය කැරකෙන්නේ අපිට ඕන විදියට නෙමේ..ඒක හරිම කෘරයි හැබැයි වෙන විදියක් නැතිව ඇති…මේක හරි සංකීර්ණ කතාවක්..

අපේ රටේ ඉන්න ඉස්ලාම් සහෝදරයන්‍ට ලංකාවෙන් පිටවෙන්‍ට චාන්ස් එකක් ආවොත් ඔවුනුත් සංකෘතික බැඳීම පැත්තකින් තියලා තෝරගන්නේ ඊශ්‍රායලයට හෙල්ප් එක දෙන බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව වගේ රටවල් මිසක් පල්ස්තීනෙට හෙල්ප් එක දෙන ඉරාණය, ඇෆ්ගනිස්තානය වගේ රටවල් නෙමේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...