*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

එක් දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ භූමිතෙල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ඊයේ (12) ආරම්භ වුණූ අතර, මෙය චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ සිදුවේ. ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දෙවන අදියරේ භූමිතෙල් බෙදා දීම සිදු කෙරුණු අතර, මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වන බව සඳහන් වේ.

එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153ක් නොමිලේ ලබා ගත හැකි අතර, රජයෙන් ලබාදුන් මෙම සහනාධාරය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ එක්ව වඩාත් ඵලදායී ලෙස එක් දින ධීවර යාත්‍රා වෙත ලබා දීමට කටයුතු කළ බව, එහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කියා සිටියේය.

තවද, ඉතාම දුෂ්කර ආර්ථික වටපිටාවක් තුළ වුණත් ධීවර ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටි.

මේ වැඩසටහන හරහා දෙවන අදියරයේ දී භූමිතෙල් ලීටර් 4,250,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට කටයුතු කිරීමටද නියමිත අතර, දෙවන අදියරේදී කළුතර දිස්ත්‍රික්කයේ පමණක් යාත්‍රා හිමියන් 450කට අධික සංඛ්‍යාවකට මෙම දීමනාව ලබා දීමට කටයුතු කර ඇත,

මෙම වැඩසටහන වඩාත් ඵලදායී සහ විනිවිදභාවයකින් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා චීන රජය වෙත විශේෂ ස්තූතියක් පිරිනැමීමට අමතක නොකළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan