හිටපු ජනපති මහින්ද සහ GMOA අතර සාකච්ජාවක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද (13) සාකච්ජාවක් කොළඹදී පැවැත්වුණි.

ඒ,සෞඛ්‍ය සේවයේ මතුවී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් කල ඉල්ලීමකට අනුවයි.

එම සකාච්ජාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

”රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැහුණා. එතුමා මේ කතාව හොඳටම දන්නවා. අපි එතුමාට සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නා. එතුමා වෛද්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් සිදුකළා. රජයේ පැත්තෙන් එතුමා සිදු කළ සේවාව අපි එතුමාට පෙන්වා දුන්නා ඒ සේවාව අපි අගය කලා. වෛද්‍යවරු රට හැරදා යනවා. ඒක වළක්වගන්න මොනවද කරන්න ඕනි කියල කතා කළා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ කොහොමද කියලා කතා කලා. එතුමාගේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සමග සාකච්ඡාවක් ලබා දෙන්න එතුමා එකඟ වුණා. සෞඛ්‍ය ප්‍රශ්න සහ අපි ඉදිරිපත් කර තියෙන යෝජනා පිළිබඳව සාකච්ඡා කළා. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වලට අදාළ සියලුම දේවල් සිදු කරන්න එතුමා පූර්ණ එකඟතාවය පළ කළා.” යනුවෙන් අලුත්ගේ මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...