පසුගියදා හිස් වූ පොලිස්පති තනතුර වෙනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඒ සඳහා අති උතුම් මැලකම් රංජිත් පියතුමන් ඇතුලු කතෝලික සභාවේ විරෝධය පෑම හේතුවෙන් එම පත් කිරීම අත්හිටුවා ඇත.
ඒ අනුව නැවතත් පොලිස්පති තනතුරට සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති අතර එහිදී සී. ඩී වික්‍රමරත්න මහතාට නැවතත් සති තුනක සේවා දිගුවක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රටින් බැහැරව සිටින බැවින් හා ජනධිපතිවරයා එළැඹෙන සතියේ නැවතත් චීන සංචාරයකට රටින් බැහැර වන බැවින්, ඔවුන් දෙදෙනා නැවත මෙරටට පැමිණෙනතෙක්, සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස්පතිධූරයේ රාජකාරී කටයුතු වල නැවතත් නිරත වීමට නියමිත අතර , රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණීමෙන් පසු නව පොලිපතිවරයා පත්වනු ඇත.
ඒ අනුව නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බව ද විශ්වාස කටයුතු අරංචි මාර්ග පවසයි.