ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඔක්තෝබර් 01 වනදා සිට මාස 6ක කාලයක් සඳහා එම සහනය ලබාදීමට කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි:

එම සහන ලබාදෙන්නේ පහත සඳහන් ආකාරයට ය.

ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/-ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/-ක් දක්වා වන උපරිමයකට යටත්ව “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා දීම.

ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලීටර 15ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රුපියල් 25/-ක “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා දීම.

ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/-ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/-කට ද යටත්ව, උපරිම මාස 06ක කාලයක් දක්වා ඩීසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 7.5%ක සහනයක් ද භූමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් ද ධීවර ජනතාවට හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වාගෙන යාම.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...