ගම්මන්පිලගෙන් ඇමති විජිතට කවුන්ට් ඇටෑක් එකක්?

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන අතර දැනට ප්‍රසිද්ධ කර නොමැති එස්. අයි. ඉමාම් වාර්තාව සහ ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තාව ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා වන විට ප්‍රසිද්ධ නොකරන්නේ නම් එළඹෙන සඳුදා එම වාර්තා දෙක අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (16) පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදීය.

තමන් වෙත එම වාර්තා ලැබුණේ පසුගිය 10 වැනිදා වන අතර එම වාර්තා සත්‍ය ඒවාද නැද්ද යන්න තහවුරු කරගැනීමෙන් අනතුරුව පසුගිය 14 වැනිදා තමන් මාධ්‍ය හමුවක් කැඳවා ජනාධිපතිවරයාට අවධාරණය කළේ එම වාර්තා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් නොකරන්නේ නම් දින 07ක් තුළ තමන් එම වාර්තා ප්‍රසිද්ධ කරන බවට උදය ගම්මන්පිල මහතා කියා තිබුණි.

එම වාර්තා දින හතරක් තමන් ළඟ තබාගැනීම වරදක් නම් සති තුනක් තිස්සේ එම වාර්තා ළඟ තබා ගනිමින් සිටින ජනධිපතිවරයා කොතරම් අපරාධරුවෙක්ද යන්න ගම්මන්පිල මහතා පැවසුවේය.

එමෙන්ම එම වාර්තා පසුගිය මාස තුනක පමණ කාලයක් ළඟ තබාගෙන සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොතරම් අපරාධකරුවෙක්ද යන්න පිළිබඳවද ගම්මන්පිල මහතා විජිත හේරත් අමාත්‍යවරයාගෙන් විමසන ලදී.

ඒ අනුව තමන්ට දඬුවම් කිරීමට පෙර වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපතිවරයාට දඬුවම් කරන ආකාරය පැහැදිලි කළ යුතුව ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

”ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් ඔවුන් ඊයේ රාත්‍රියේ කතා කළ ආකාරයට අවශ්‍ය නම් මාව අත්අඩංගුවට ගන්න. අවශ්‍ය නම් මට වද බන්ධන දෙන්න. හැබැයි ඒ මොනවා කළත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් සිතීමේ නිදහස් වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටින පුද්ගලයන් විදිහට ලබන සඳුදා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් මේ වාර්තා දෙක අපි විසින් ප්‍රසිද්ධ කරනවා කරනවාමයි.”යනුවෙන් හිටපු මන්ත්‍රී ගම්මන්පිල මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...