ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

Date:

කොළඹ LNW: අද (16) දහවල් 12.50 ට පමණ මහරගම විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පිටුපස නිවසේ තාප්පය කඩාවැටීමෙන් පාසලේ දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වසර 30කට වඩා පැරණි මෙම තාප්පය අවධානම් තත්ත්වයේ තිබූ එකක් බව විදුහල්පතිවරයා පවසන අතර මෙම තාප්පය අවධානම් බව ග්‍රාම නිලධාරී හරහා එම නිවෙස් හිමියාව කිහිපවතාවක් දැනුවත්කර තිබූ බවද විදුහල්පති පවසයි.

එලෙස කඩා වැටි ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තාප්පය බව සඳහන්.

අඩි 13කට ආසන්න උසක් ඇති මෙම තාප්පය නිසි ප්‍රමිතියකින් තොරව තනා ඇති බවට ආනාවරණය වී ඇත. තාප්පය සැකසීමේදී අවම වශයෙන් කොන්ක්‍රිට් කනුවත් යොදාගෙන නොමැති බවත් දින කිහිපය පුරාම තිබෙන වර්ෂාව සමග තාප්පය පෙගී කඩාවැටී ඇති බව වාර්තා වෙයි.

තාප්පය අසල ඇති වැසිකිළියට එම දරුවා ගිය අවස්ථාවේදීයි තාප්පය කඩාවැටී ඇත්තේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 4 ශ්‍රේණිය ඉගනුම ලබන දරුවෙකි.

තුවාල ලැබු දරුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇත.

මහරගම ප්‍රාදේශීය ලේකම්වරිය,ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් හා මිරිහාන පොලීසියේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂාවන් සිදුකරනු ලබයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...