*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පේපරය බුකියට දැමූ ගුරුවරුන්ට වැඩ වරදියි. විභාග කොමසාරිස් කරන්න යන දේ මෙන්න!

කොළඹ LNW: ඊයේ (15) දින පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග කොමසාරිස්වරයාගේ කිසිදු අනුමැතියකින් තොරව පවත්නා නියෝග උල්ලංඝනය කරමින් විභාගය අවසාන වී සුළු වෙලාවකට පසුව එම ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණු ගුරුවරු මේ වන විට හඳුනා ගෙන තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

ඒ, අද (16) සිදුවීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වන විටත් එම පිරිස විභාග දෙපාර්තමේන්තුවට කැඳවා විමර්ශනයක් ආරම්භ අර තිබෙන බවයි ජයසුන්දර මහතා පැවසුවේ.

විභාග කොමසාරිස්වරයාගේ අනුදැනුමකින් තොරවවිභාග ප්‍රශ්න පත්‍රයේ කොටසක් හෝ ප්‍රසිද්ධ කිරීම තහනම් කර නියෝගයක් පනවා තිබෙන පසුබිමකයි උක්ත සිදුවීම ඊයේ දින සිදුව තිබුණේ.

කෙසේවෙතත් විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව ජයසුන්දර මහතා අවධාරණය කළේය.

මහනුවර ගලහ සහ කළුතර විභාග මධ්‍යස්ථාන දෙකකින් මෙම වරද සිදුව තිබෙන අතර විමර්ශනයෙන් පසුව අධිකරණ මෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.

කුඩා දරුවන්ගේ මානසිකත්වය ගැන සලකා ශිෂ්‍යත්ව විභාගයට පමණක් එවැනි නීතියක් පනවා තිබෙන අතර වරදක් බව දන දැනම අදාළ විභාග මධ්‍යස්ථාන වෙතින් ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයන් සමාජය නොමඟ යන ප්‍රවෘත්ති පළකිරීමෙන් වළකින ලෙස ඔහු මාධ්‍යයෙන්ද ඉල්ලීමක් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan