එක්සත් ජනපද හමුදාව යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යේමනයේ හූති පාලනය යටතේ පවතින ප්‍රදේශ තුළ පිහිටි හූති අවි ගබඩා මධ්‍යස්ථානයක් වන සාදා බලකොටුව වෙත එක්සත් ජනපද හමුදාව අද(17)දිනයේදී විශේෂ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පෙන්ටගනය නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ, ගුවන් හමුදාවේ B-2 බෝම්බ හෙලන යානා ඇතුළු එක්සත් ජනපද හමුදාව යේමනයේ හවුති පාලන ප්‍රදේශවල දැඩි වූ භූගත අවි ගබඩා ස්ථාන පහකට එරෙහිව නිරවද්‍ය ප්‍රහාර දියත් කළ බවයි.

එක්සත් ජනපදය විසින් B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන ප්‍රථම අවස්ථාව මෙය වන අතර හවුති යනු ඉරානයේ පිටුබලය ලත් කණ්ඩායමක් වන අතර දශකයකට පෙර යේමනයේ අගනුවර වන සානාහි බලයට පත් වූ අතර සවුදි පිටුබලය ලත් හමුදා දකුණට ඒඩන් දෙසට ගෙන ගොස් එහි මූලස්ථානය පිහිටුවා ගත්හ.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර ඇතිවූ යුද්ධයේදී පලස්තීනුවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු හුතිවරු මාස ගනනාවක් තිස්සේ කලාපයේ වාණිජ නැව් සහ නාවික හමුදාවේ වත්කම් වලට නිරන්තර ප්‍රහාර එල්ල කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...