ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරඹේ!

Date:

කොළඹ LNW:ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඊයේ (16) ආරම්භ විය. නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන් එය පැවැත්වුණේ චීනයේ බෙයිජිං හිදීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහය එක්ව එය සංවිධාන කර තිබෙන අතර “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” එහි තේමාවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා, විඩියෝ ආකාරයෙන් එහිදී දේශන සිදු කළේය. ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හූ සහ මාධ්‍ය නියෝජිතයෝ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් විය.

Shen Haixiong මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේ, චීන මාධ්‍ය සමූහය චීනය සහ “ගෝලීය දකුණේ” රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩනඟනු ඇති බවයි. එ‍සේම අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව, සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ “ගෝලීය දකුණ” විද්වත් හඬ වෙනුවෙන්, චීන මාධ්‍ය සමූහය සන්නිවේදන වේදිකාවක් සපයනු ඇතැයි ද, Shen Haixiong මහතා සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඇතුළු අමුත්තෝ මෙම සංසදයට විඩියෝ සුබ පැතුම් පළ කරමින්, ගෝලීය දකුණු විද්වත් පර්ෂද සහයෝගීතා ශක්තිමත් කිරීමේ සිය අපේක්ෂාවන් ප්‍රකාශ කර තිබේ.

චීනය ලෝක සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන සාමාජිකයෙක් බවට පත් ව ඇතැයි වෛද්‍ය ජී.වීරසිංහ මහතා එහිදී පැවසුවේය. එළඹෙන බ්‍රික්ස් රටවල නායක සමුළුව නිසැකවම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව සඳහා විශාල ජවයක් ලබා දෙනු ඇතැයි ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් ‍කළ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කළේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...