*
Thursday, October 17, 2024
spot_img

Latest Posts

ඩබල් පොකට් අනුර, කොට්න් ටොප් හරිනි සහ සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ විනය ගාය

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 17, (LNW) කොළඹ :

අනුර දිසානායක ඩබල් පොකට් ය.හරිනිත් අදින්නේ බොහෝ වෙලාවට කොට්න් ඇදුමක් සරලවය.මේ ජනාධිපති සහ අගමැතිය.ඇඳුම නොව වැඩය පළමු කොට සැළකීමත්,ඇඳුම සම්බන්ධ සම්ප්‍රදායික සිතීම නවීන විය යුතු බවත් හිතන්න කෙනෙකුට රටේ මුලින්ම ලැබෙන මේ ප්‍රායෝගික භාවිතය වැදගත්ය.
හැබැයි මේ චරිත දෙකම අගයන ඔවුන්ගේ සරලකම සහ නව්‍යයත්වය ගැන නොහැඟෙන බොහෝ පිරිසක් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ බව අපි දනිමු.ඒ සම්බන්ධ ප්‍රායෝගිකම කාරණයකට අගමැති සහ ක්‍රීඩා ඇමති වන හරිනි අමරසූරියට සමහර විට මෙවර සමස්ත ලංකා ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන්නේනම් දැන ගන්නට ලැබෙනු ඇත.එහි වැඩ කරන ගුරු සහෝදර සහෝදරියන් මෙන්ම වෙනත් ඉහළ නිලතල දරණ බොහෝ දෙනෙක් ද,මෙවර අනුර ජනපති කිරීමට සහ හරිනි අගමැති කිරීමට කතිරයෙන් සම්බන්ධ වූ අය බව ඇත්ත කතාවය.


ඒත් මේ ගුරුවරු මෙන්ම නිලධාරින්ද මේ උළෙල පැවත්වෙන දින කිහිපය පුරාම කටයුතු කරන්නේ ගිණි ගහන අව්වේ අත් දිගට ඇඳ ගෙන,සාරි පටලවගෙන සමහර නිලධාරි ටයි පටි ද පැළද ගෙන බව අපි දන්නෙමු.කෙතරම් උණුසුමක වුවත් ඔවුන් කවුරුන්ද කියන අනන්‍යතාවය ටටි එකෙන් ඇඳුමෙන් පෙන්නන්න මේ නිලධාරි බොහෝ දෙනෙක් කැමතිය.


ඒ අය දරුවන්ගේ විනය ගැන හිතන්නේ ඇඳුම,කොණ්ඩය වැනි දේ අනුවය.ඉකුත් වසරේ කොණ්ඩය වැඩි පුර වැවී ඇති දරුවන්ගේ කොණ්ඩය කැපීමේ වැඩ සටහනක් ද මේ නිලධාරි සහ ගුරුවරු එකතු වී කළ බව මතකය.එසේම ඇතැම් ඇඳුම්වල දිග පළල දුටු විට මේ නිලධාරීන් උමතු භාවයට පත් වූ සේ හැසිරෙන්නට ගත්තේය.විශේෂයෙන් ගැහැණු ළමයෙකුගේ බුරිය පෙනීම වැනි දෙයක් නිසා ඔවුන් භීතියට පත්ව ඒ දරුවාට පිටියට බැසීමට නොදී වෙනත් ඇඳුමක් හොයන්නට බල කළේය.ඒ ඔවුන්ට ඇති වුණ හැගීමක් නිසා පිටිය වටේ සිටින පිරිස් ද දූෂිත හැඟීමකින් වෙලි යනු ඇතැයි සත්භාවයෙන් නැඟුණු හැඟීමකින් විය හැකිය.
ඒ වන විට පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා මල ගෙවල්වලදී ද මා දුටු විට ඒ ඇඳුම් ඉවත් කිරීමට විරෝධය පළ කළේ එවැනි ඇඳුම් ජංගි ලෙස හඳුන්වමින්ය.ඒ ලංකාවේ ක්‍රීඩාව නව්‍යකරණය කිරීමේ වගකීම පාසල් අවදියේ භාරව සිටින ගුරු මහත්වරුන්ගේ පුළුල් දැණුමේ වර්ගපලයය.


ජනපති සහ අගමැති සරල වූ පමණින් මෙවර පාසල් ක්‍රීඩා උළෙලේ දී ද ගුරුවරු සහ නිලධාරි සරල වෙන එකක් නැත.සමහර විට අගමැතිණිය සාමාන්‍ය සැහැල්ලු ඇඳුමකින් සැරසී ආවොත් මේ නිලධාරි සහ ගුරුවරු අතර මැදදී තමන්ගේ තත්ත්වයට ගැලපෙන සාරියක් හරි ඔසරියක් හරි අවශ්‍යයම බව කියන්නට ද ඉඩ ඇත.ලංකාවේ ක්‍රීඩාව දවසින් දවස ඉන්දියාවට වඩා පහතට වැටෙන බවට ද මේ ක්‍රීඩා ගුරුවරුම මැසිවිලි නගමින් පහසුකම් ආදිය ගැන ද කියවන බව අපි දනිමු.


පහසුකම් සැපයීමේ ගැටළුවක් ඇති බව අපි ද දනිමු.පිළිගන්නෙමු.එහෙත් නොමිලයේ අලුත් කර ගත හැකි දැණුම සහ ආකල්ප වෙනුවට පිළුණු ඔළු ගෙඩි වලින් ද මේ ගමණ යාම දුෂ්කරය.ඉන්දියාව අද වන විට ඔවුන්ට බලපෑම් කළ සම්ප්‍රදායික හැඟීම්වලින් අත් මිදෙමින් විද්‍යාව සහ නවීනත්වය කියවා ගනිමින් සිටින්නේය.ජනපති සහ අගමැති සමඟ අමුණි ඇති අනෙක් පිංතූරය ඉන්දියාවේ අලුත්ම උස පැනීමේ බලාපොරොත්තුවේය. 17 හැවිරිදි ඇය නමින් පූජා සිං ය.මෙවර දකුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ උස පැනීම මීටර් 1.80 ක උසක් පැන ජය ගත්තේ ඇයය.එය නව වාර්තාවක් ද වන්නේය.
මෙවැනි ඇඳුමක් ඇඳගෙන ලංකාවේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලටනම් ක්‍රීඩා කරනවා බොරුය.ඇයව නැවත හරවා යවා වෙනත් උඩ කොටසක්නම් අනිවාර්යෙන් පැළඳගෙන එන්නට කියනු ඇත.ඒ ඇයි කියා ඇහුවොත් අර මෙහි සදහන් කර ලේකම් ඉතාම බරට කියන වචනය “මේක ලංකාව“ යන්නය.


දරුවන්ට මඟ පෙන්නන මේ විදිහට තියෙන ලංකාවක් හදන්න මහන්සි වූ ගුරු පරපුරක් කතිරය ගසා වෙනස් කරන්න නොව හදන්නේ මේ සම්ප්‍රදායන් රැකගෙන අප වන වැදුණු මානසිකත්වයකින් සහ ගෝත්‍රීක තත්ත්වයකින් රඳවා ගන්නටය.ඒ නිසා ඉස්සෙල්ලම මෙවැනි පසුගාමී මිනිසුන්ගෙන් තරුණ සිසු දරුවන් වෙත යොමු කෙරෙන පීඩනයෙන් ඔවුන්ව ගලවා ගත යුතුය.වෙනස් කරන්න වෙන ලොකුම දේ මඟ පෙන්වන අය ඇඳෙන සුළු මනසින් ලෝකය වෙනස් වන අයුරෙන් වෙනස් නොවෙන පටු මිනිසුන් වීමය.
එසේම දක්ෂතම ක්‍රීඩකයා ආදිය දීමේදී විවිධ තර්ක උපද්දවා ගනිමින් තමන්ට අවශ්‍යය පරිදි එය ප්‍රදානය කිරීමට නීති හැදීමද අපි ගියවර දුටුවෙමු.අවසානයේ ඉහළන්ම කීවේ එය තමන්ට අනුව තීරණය කළ හැකි බවය.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේක්මවරයාද එය වැරදි බව කීවේය.එහෙත් නිවැරදි ක්‍රීඩකයාට එය නොලැබිණ.ඒ නිසා මෙවැනි අසාධාරණකම් මෙවරද ඇති විය හැකි බැවින් එය නිවැරදිව තෝරා දෙන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයටම පවරන්නේනම් වඩාත් යහපත් වනු ඇත.

ඡන්දය නිමා වෙන තෙක් ක්‍රීඩාව අතහැර දමා ඔහේ යන්නට දෙන්නට සිතා සිටිනවානම් එවා වෙනස් නොවන මට්ටමට කුරුවල් වනු ඇති බව පමණක් අපි අගමැති ක්‍රීඩා ඇමතිතුමියට අපේ අත්දැකීම් මත කියන්නෙමු.දැනට එපමණකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan