අවසාන විග්‍රහයේදී ටයිටන් පුපුරා යාමට හේතුව අනාවරණය වේ

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2023 ජුනි 18වන දින ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත යාත්‍රා කළ ටයිටන් යාත්‍රාව පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවමින් පුපුරා යාමට හේතුව ඉංජිනේරු විද්‍යාවේ දෝෂ බව ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) අවසාන වශයෙන් තහවුරු කර තිබේ.

ටයිටන් නෞකාවේ හිමිකරු වන OceanGate, ටයිටන් නෞකාව ප්‍රමාණවත් ලෙස පරීක්ෂා කිරීමට අපොහොසත් වීම හා එහි සැබෑ කල්පැවැත්ම පිළිබඳව නොදැන සිටි බවත්, හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා OceanGate සම්මත මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමත්, ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) සිය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

මෙම අනතුර සිදුවීමත් සමඟ OceanGateහි ආරක්ෂක ක්‍රියා පටිපාටි අතිශයින් දෝෂ සහිත බව වෙරළාරක්ෂක බලකාය තීරණය කර තිබු අතර NTSB වාර්තාව වෙරළාරක්ෂක බලකායට නිර්දේශ කර තිබුණේ, ගිල්විය හැකි වාහන සහ මිනිසුන් රැඳී සිටීම සඳහා වන අනෙකුත් පීඩන වාහන අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කරන ලෙසත්, එම දැනුම් දෙන වාහන සඳහා වෙරළාරක්ෂක බලකාය රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...