*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

දේශගුණික විපර්යාස වලට එරෙහි සටනට ප්‍රධාන බාධාව ජනපති හෙළි කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුද බවත්, ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙන බවත්, චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ගේ සම්මන්ත්‍රණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝකය මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන් සේ සැලකෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධව කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම හා ආරක්ෂණ පියවර ගැනීමට පසුබිම සැකසෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ යුතු බවට, තමන් යෝජනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් පැහැදිළි කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් ප්‍රධාන කරුණු 03ක් සාක්ෂාත් කර ගැනීමට අප අපේක්ෂා කරනවා. පළමුවැන්න අනුගමනය කළයුතු ආරක්ෂක සාමුහික යහ පියවර පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවැන්න දැනුම බෙදා හදා ගැනීමයි. තුන්වැන්න ප්‍රායෝගික අධ්‍යාපනයයි.

මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික වෙනස්වීම් අවම මට්ටමක පවත්වාගෙන යාම සඳහා තියුණු පර්යේෂණ, අදාළ නියෝජිත ආයතනයන්හි සිදු විය යුතු වෙනස්කම්, ජාත්‍යන්තර සහයෝගය, ප්‍රජා ක්‍රියාකාරකම් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගතහැකි පියවර පිළිබඳ සොයා බලනවා.

ඒ වගේම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, පර්යේෂණ සහ විසඳුම් ලබා දෙනවා. මෙම විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයි. ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙනවා.

මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයයි. ඒ සම්බන්ධයෙන් මම යෝජනා 03ක් ඉදිරිපත් කිරීමට කැමතියි.

පළමුවැන්න අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීමයි. දෙවැන්න වැඩි ආදායම් රටවලට සහනදායී පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි.

මා මීට පෙර සඳහන් කළ ඝර්ම කලාපීය රටවල් 150ක් තිබෙනවා. එයින් 88ක්ම එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළේ පාර්ශ්වකරුවන් වනවා. මෙම ඝර්ම කලාපය මුළු ලෝකයේම භූමි ප්‍රමාණයෙන් 40%ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 40%ක් වෙසෙන්නෙත් මෙම කලාපයේයි.

එවන් පසුබිමක තිරසර සංවර්ධන ගමන් මගෙහි පාරිසරික අවශ්‍යතාව ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන සමූහාණ්ඩුවට මගේ ස්තූතිය පළ කරනවා.

2021 වසරේ ආසියානු පැසිෆික් එක් තීරයක් – එක් මාවතක් ඉහළ පෙළේ සමුළුවේදීත් ශ්‍රී ලංකාව හරිත සේද මාවත වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දුන්නා. ඉදිරියටත් අප අපේ සහාය ලබා දෙනවා”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමිනි.

මෙම සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති හාන් ෂෙංග් (Han Zheng) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා සහ ඊට සහභාගී වූ අනෙකුත් රටවල රාජ්‍ය නායකයින්ද මෙහිදී අදහස් දැක්වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan