හිටපු ජනාධිපතිවරුන්ගෙන් හඬක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන්, තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇතැයිද වාර්තා වේ.

වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්වී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක් බවත්, සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා ඇති බව තොරතුරු වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇත. ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත. හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති පහසුකම් වැඩි බවට සමාජ කතිකාවතක් ඇතිවීම හේතුවෙන් රජය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.

එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ වෙතත් වරප්‍රසාද අඩු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන ගෙන ආ යුතු බවද විද්වත්හු පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...