*
Monday, May 20, 2024
spot_img

Latest Posts

උද්දික පුතාගේ ආරක්ෂකයින්ගේ පිස්තෝල රසපරීක්ෂක වෙත යොමුකිරීමට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල දෙක වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ, මන්ත්‍රීවරයා ගමන්ගත් වාහනයට පසුගිය දිනක වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධ පැමිණිල්ලට අදාළව ය.

එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනිඅවිවලින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතිද යන්න අනාවරණය කරගැනීම සඳහා මෙසේ එම පිස්තෝල රසපරීක්ෂක වෙත යොමුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18) නියෝග කර ඇත්තේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan