*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

අපේ මතයයි අද ජයග්‍රහණය කර තිබෙන්නේ – අකිල

කොළඹ LNW:මේ වන විට රට තුළ ජයග්‍රහණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද (19) සිරිකොත පක්ෂ මූලස්තයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය නිතරම පක්ෂයට වෙන හානිය ගැන නොසිතා රට වෙනුවෙන් කල්පනා කර ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කළ පක්ෂයක් ලෙස හඳුන්වන්නට හැකි බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා හුදකලා සටනක නිරත වී ඊට විරුද්ධ දේශපාලන කණ්ඩායම් ඔහුගේ කකුලෙන් අදින බවක් පෙනෙන්නට තිබෙන බවද ඔහු කියා සිටියේය.

ඒ කෙසේවෙතත් රටේ අනාගතය ගැන සිතා පක්ෂයට අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු එළඹෙන 21 වැනිදා පක්ෂයේ විශේෂ සම්මේලනයේදී සිදුකරන බවයි ඔහු අවධාරණය කළේ.

”එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය ඔක්තෝම්බර් 21 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම සම්මේලනයේදී රටේ අනාගතය ගැන කල්පනා කරලා පක්ෂයේ අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම මෙහිදී අරමුණු වෙනවා. විශේෂයෙන්ම අලුතෙන් හිතන අලුත් ආර්ථිකයක් කරා යන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමේ අරමුණ මෙම සම්මේලනය එක්ක ඉෂ්ට කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඒ මතය අද ජයග්‍රහණය කරලා තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නිතරම පක්ෂයට වෙන හානිය ගැන නොසිතා රට වෙනුවෙන් කල්පනා කරල ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කරපු පක්ෂයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ජනාධිපතිවරයා හුදකලා සටනක නිරත වෙලා ඉද්දි ඊට විරුද්ධ දේශපාලන කණ්ඩායම් ඔහුගේ කකුලෙන් අදින බවක් පෙනෙන්නට තිබෙනවා. මීට පෙර වතාවකදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙලා ඉන්න මොහොතේදී, Regaining ශ්‍රීලංකා වැඩසටහන රැගෙන ආවා. ජපන් ආධාර දෙන සමුළුවෙන් කෝටි හතලිස් පන්දහසක් අධිවේගී මාර්ග පද්ධති ඉදිකරන්නට එදා අනුමත වුණා. ආණ්ඩුව වෙනස් උනේ නැත්තම්,එය ක්‍රියාත්මක වීමේ හැකියාව තිබුණා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුව වෙනස් උණාට පස්සේ,, ජනාධිපතිවරයා පත් වුණු ආණ්ඩුවෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කළා. 2004 සහ 2005 කාලය වෙද්දී මේ රටේ අධිවේගී මාර්ග හැදිලා අවසන් වෙන්නට ඉඩ තිබුණා. ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍යය දැවැන්ත පියවරවල් රාශියක් ඒ වෙනකොට අවසන් කරන්නට හැකියාව තිබුණා. ඒ ක්‍රියාමාර්ගවලටත් අකුල් හෙලුවා. ඒ වගේ ප්‍රතිවිපාක දැන් බුක්ති විඳිමින් යනවා. ඒ වගේම අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනල්ලා අධ්‍යාපනයේ දියුණු වෙනස් කිරීම් සිදු කරන්න උත්සාහ කරද්දිත් විරුද්ධවාදීන් පාරට බැහැලා එය වළක්වන්නට කටයුතු කරපු එක තුළින් හානිය වුණේ අහිංසක දුප්පත් දෙමව්පියන්ට සහ දරුවන්ටයි කියන එක මතක් කළ යුතුයි.”

ලෝකේ එඅටේ ගිහින් ආධාර ලබාගෙන අදාළ සම්මුති එකඟතා අනුව රටක් ඉදිරියට කරගෙන යාමට හැකි වෙනත් වත්මන් නායකයෙක් සිටිදයන්න යන්න දැන් විමසිය යුතු වන බවයි කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කළේ.

”ඒ නිසා රටේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා වල්වැදිච්ච දේශපාලන මතවාද ඔළුවේ තියාගෙන මේ රට ගොඩගන්න බැහැ. රටේ තිබෙන ගෙවුම් ශේෂ හිඟයට විපක්ෂයේ දේශපාලන විරුද්ධ මතධාරීන්ට වැඩපිළිවෙළක් තිබෙනවාද? ඔවුන්ට අදහසක් තිබුණාද ? එහෙම කිසිම දෙයක් නැහැ. සිල්ලර සුරංගනා කතාවලින් මේ රටේ ආර්ථිකය හදන්නට බෑ. ඒ නිසා නිසි ප්‍රඥාව සහිත පුද්ගලයෝ අදාළ පුටුවල වාඩි උනොත් විතරයක් රටක් ඉස්සරහට යන්නේ කියන කාරණය ජනතාව තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම ඉන්ධන සහ ගෑස් යන දේවල්වල මිල යුක්‍රේන සහ රුසියානු යුද්ධයත් ඒ වගේම ඊශ්‍රායල් පලස්තීන ගැටුම් එක්ක තවත් බරපතල අර්බුදයකට යමින් තිබෙනවා. එවැනි මොහොතක විපක්ෂය කටයුතු කළ යුතු ආකාරය සහ ජනතාව තේරුම් ගත යුතු ආකාරය පිළිබඳව මනා වැටහීමක් තිබිය යුතු වෙනවා. ඒ නිසා එතුමාව ගොඩගන්නත්, රට ගොඩගන්නත්, අනෙක් දේශපාලන පක්ෂ එකතු වෙලා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහෙම වුනොත් විතරයි ඔවුන්ට දේශපාලනය කරන්නට රටක් ඉතුරු වෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා සදාකාලිකව ඉන්න ආපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ රට ගොඩගන්න භාරගත් වගකීම ඔහුට ඉටු කරන්න අනිත් අය උදව් කළ යුතු වෙනවා. ඔහුට පාර්ලිමේන්තු බලයක් නැති නිසා ඔහු වගකියන්නේ රටට පමණයි. රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න තමයි ඔහු කටයුතු කරගෙන යන්නනේ කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan