මැතිවරණයට ඉදිරිපත්වෙන අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ (LNW):

2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන් බාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ වාර්තා සියල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.

සභාපතිවරයා පැවසූවේ, එම වාර්තා සම්බන්ධව ඉදිරි කටයුතු කරනු ලබන්නේ එම කොමිසම විසින් බවයි.

පසුගිය ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල සිය වෙබ් අඩවියේ පළ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද අධ්‍යයනය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඉහළ ආදායමක් ලබා ඇතත් මෙතෙක් ආදායම් බදු නොගෙවූ අපේක්ෂකයන්ගෙන් හිඟ බදුද සමග බදු අය කිරීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...