හාල් මාෆියාව සදාකාලිකයි, ආණ්ඩු තාවකාලිකයි ….

Date:

සාමාන්‍යයෙන් ආන්ඩුවකට පොදු ජනතාව ඕන වෙන්නෙ චන්දෙ දිනනකම් විතරයි… දින්නට පස්සෙ ඕන වෙන්නෙ රටේ ආර්ථිකය අරන් යන ව්‍යාපාරික ප්‍රජාව…

මොකද පාලකයෝ ජනතාව ඉස්සරහට ඇවිත් බොරු සිංහ ටෝක් දුන්නට ඇත්තටම ව්‍යාපාරිකයොත් එක්ක සෙල්ලං දාන්ට යන්නෙ නෑ.. මොකද වැඩි සෙල්ලං දාන්ට ගිහින් ව්‍යාපාරිකයෝ ආයෝජන නවත්තලා සල්ලි පොතේ දාගත්තොත් සමස්ත ආර්ථිකේට කෙළවෙනවා..

විශේෂයෙන් මේ ආන්ඩුවට ව්‍යාපාරික ප්‍රජාවට බලපෑම් කල හැකි හැකියාව ඉතාම අඩුයි.. හේතුව මේ ආන්ඩුව බලය ගත්තේ පෞද්ගලික ආයෝජන විරෝධී ජනතාවාදයකින්.. ඒ නිසා ආන්ඩුවට ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය දිනාගැනීම වෙනුවෙන් බලපෑම් නොකර වැඩිපුර නිව්ට්‍රල් වෙන්ට වෙනවා..

ආන්ඩුව කන්ටිනිව් කරපු උම්බලකඩ, පරිප්පු බද්දත් පොදු ජනතාවට අත ඇරිය බද්දක් මිසක් ව්‍යාපාරිකයන්ට ගහපු ඝෘජු බද්දක් නෙමේ.

හාල් හිගය මෝල් කාරයින්ගෙ වැඩක්..
මේ ආන්ඩුවට ඒකට කරන්‍ට පුළුවන් මගුළක් ඇත්තෙත් නෑ .. කරන්‍ට යන්නෙත් නෑ..

මතකද ගෝඨා ඇවිත් හමුදාවත් අරන් සන්දර්ශ්නේ දාගෙන පිටකොටුවේ හාල් කඩවල්වලට පැනලා දුන්න ආතල්… මොකද උනේ හාල් මාෆියාව නැති උනාද..?

මේවගේ රටවල්වල ඒවා හොල්ලන්ටවත් බෑ ….!

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...