අභිරහසක් වූ හලාවත මරණ වල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

කණගාටුදායක පුවතක් වූ, හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය.  එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය සිදුකර පසුව සිරුරු ගිනි තබා ඇති බවය.