බෝම්බ තර්ජන මධ්‍යයේ ඉන්දියාවේ ගුවන් සේවා කර්මාන්තය අවුල් ජාලයක

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතිය පුරාම ඉන්දියානු සහ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයකට එරෙහිව ව්‍යාජ බෝම්බ තර්ජන පෙර නොවූ විරූ ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ ගුවන් සේවා කර්මාන්තයට දැඩි බාධාවක් ඇති කර ඇති අතර ගුවන් මගීන් අතර වැඩෙන භීතියක් ඇති කර තිබේ.

ඒ අනුව, පසුගිය සතිය තුළ ඉන්දියානු ගුවන් තොටුපළෙන් පිටත දේශීයව සහ ජාත්‍යන්තර ගමනාන්ත වෙත පියාසර කළ ගුවන් සමාගම්වලට බෝම්බ තර්ජන 90ක් පමණ එල්ලාව ඇති අතර ගෙවුණු සතිඅන්තයේ පමණක් එම සංඛ්‍යාව 50 ඉක්මවා තිබේ.

බොහෝ විට මෙම තර්ජන විද්‍යුත් තැපෑලෙන් යවනු ලබන හෝ X. Air India, Vistara වැනි ප්‍රධාන ඉන්දීය ගුවන් සේවා වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිර්නාමික ගිණුම් හරහා ප්‍රචාරය කර තිබු අතර SpiceJet සහ IndiGo මූලික වශයෙන් ඉලක්ක කර ඇති නමුත් තර්ජන හේතුවෙන් American Airlines, Jet Blue සහ Air New Zealand ගුවන් ගමන් හරවා යැවීමට ද සිදු විය.

මේ පිළිබඳව ඉන්දීය ගුවන් සේවා බලධාරීන්ට සහ අපරාධ විමර්ශකයන් පරීක්ෂණ කටයුතු සිදු කරන අතර කිසිදු කරුණක් මෙතෙක් වාර්තා කර නොමැත.

2023 වසාරේ මිලියන 152 ක් මගීන් රැගෙන යන දේශීය ගුවන් ගමනාගමනය සමඟ ඉන්දියාවේ ගුවන් ගමන් අංශය දියුණු වෙමින් පවතින අතර ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කේ රාම් මෝහන් නායිදු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, බාධා කිරීම් හා අසත්‍ය බිය වැද්දීම් සිදු කරන්නන් හඳුනාගෙන නිසි ලෙස නඩු පවරනු ලබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...