ප්‍රංශයේ හිටපු ජනාධිපති සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර සිරගත කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශයෙන් හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට අධිකරණය විසින් වසර පහක සිර දඬුවමක් නියම කර අද(21) ලා සැන්ටේ බන්ධනාගාරයේ සිරගත කර ඇති බව වාර්තා වේ.

ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීම හා සම්බන්ධ නඩුවකදී සාපරාධී කුමන්ත්‍රණයකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි තම මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයීමට කුමන්ත්‍රණය කිරීම තහවුරු වීමත් සමඟ වෙනුවෙන් එරට අධිකරණය මෙම සිර දඬුවම පනවා ඇත.

70 හැවිරිදි නිකොලස් සාර්කෝසි ඔහුගේ සියලුම චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ නීතිඥ ක්‍රිස්ටෝෆ් ඉන්ග්‍රේන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, සාකෝසිගේ දඬුවම් ලිහිල් කර ගැනීම සඳහා මේවන විට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

2012 දී නැවත තේරී පත්වීමේ උත්සාහය පරාජයට පත්වීමෙන් පසු, සාර්කෝසි අපරාධ පරීක්ෂණ කිහිපයකට මුහුණ දුන් අතර එහිදී 2012 දී ඔහුගේ නැවත මැතිවරණ ව්‍යාපාරය සඳහා අධික ලෙස වියදම් කිරීම සහ එය වසන් කිරීම සඳහා මහජන සම්බන්ධතා සමාගමක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බව ඔප්පුවිය. 2024 පෙබරවාරි මාසයේ අධිකරණ තීන්දුවකට එරෙහිව ද ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමඟ එය මාස හයක් අත්හිටුවන ලදී.

2021 දී, 2014 දී විනිසුරුවරයෙකුට අල්ලස් දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වූ අතර සාකෝසි භාරකාර දඬුවමක් ලැබූ පළමු හිටපු ප්‍රංශ ජනාධිපතිවරයා බවට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...