ජපානයේත් පැවැත්වුණු කඨින පුණ්‍ය මහෝත්සවය!

Date:

කොළඹ LNW:ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහැර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාන ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව,අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...