*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/21

  1. මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ගෘහස්ත විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය ගාස්තු 18% තරම් වූ දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ දැමීමේ යෝජනාව අනුමත කරයි: ඒකක 180 ට වැඩි පරිශීලකයන් ඒකකයකට රු. 89 ක් ගෙවිය යුතුය: හෝටල් සහ කර්මාන්ත විදුලිය ගාස්තු 11% කින් ඉහළ නංවා ඇත: මෙය වසර 1 ක පමණ කාලයකදී බලශක්ති ගාස්තුවල හටගත් තුන්වන දැවැන්ත ඉහළ යාමයි.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව “මැර ප්‍රහාරයක්” දියත් කරන අන්දමින් මතවාදයක් ප්‍රවර්ධනයකළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. මහින්දානන්ද අලුත්ගමගේගේ හැසිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන හෙළා දකියි: ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවාස වට කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටීම සහ එවැනි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වීමට එකඟ වීම හෘද සාක්ෂියට එකඟ නොවන සහ සදාචාර විරෝධී බව පවසයි: එවැනි හැසිරීම් පාර්ලිමේන්තුව අනුමත නොකරන බවට අනතුරු අඟවයි: අධිකරණ අමාත්‍යවරයා විසින් ව්‍යවස්ථා සභාව හෑල්ලුවට ලක් කිරීමට දරන වෑයම ඔහුගේ තනතුර දුර්වල අන්දමින් පිළිබිඹු කරන බව ද පවසයි.
  3. ශ්‍රී ලංකාව සහ චීනයේ එක්සිම් බැංකුව අතර ඇතිකර ගත්තේ යැයි කියන “තාවකාලික ගිවිසුම” පිළිබඳ තම ආයතනය සැලකිල්ලට ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල දූත පිරිස පවසයි: මීට ඉහත, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් එම ගිවිසුම “අතිශය වැදගත් ගිවිසුමක්” ලෙස හුවා දැක් වූ අතර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් එහි තොරතුරු හෙළි කරන ලෙස චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි: “පාලන විනිශ්චය වාර්තාවක්” (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස පවසයි.
  4. ආර්ථිකය තිරසාර ප්‍රකෘතියක් කරා ගෙනයාමට සහ ස්ථාවර, ඇතුළත්භාවයෙන් යුතු ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය (reform momentum) පවත්වා ගැනීම අතිශය වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් දූත පිරිස පවසයි: බදු ආදායම ඉහළ දැමීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් ඉවත් කිරීම සඳහා බලධාරීන් සතු කැපවීම සාදරයෙන් පිළිගන්නා බව පවසයි: විදුලි මිලකරණයේදී “පිරිවැය ප්‍රතිසාධනය” පවත්වා ගැනීම ඉතා වැදගත් බව පවසයි.
  5. අමතර ආදායම් සදහා වන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස 2025 වසරේ දී ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන “දේපල බද්ද” හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවට “තාක්ෂණික සහය” සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කිරීමට නියමිත ය: එවැනි බද්දක් ධන බද්ද, ත්‍යාග බද්ද සහ උරුම බද්ද ආකාරයේ මුහුණුවරක් ගත හැකි බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  6. සමඟි ජන බලවේගයේ පා.ම. සුජිත් සංජය පෙරේරා විසින් සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ: එම දෙපිරිස අතර අතිවූයේ යැයි කියන සිදුවීම විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කළ බව කතානායකවරයා පවසයි.
  7. හැව්ලොක් සිටි ඩිවලොප්මන්ට් විසින්, ඇ.ඩො. මිලියන 130 ක වියදමින් වර්ග අඩි 200,000 කට අධික ප්‍රමාණයකින් යුතුව ඉදිකරන ලද නවතම තාක්ෂණික වශයෙන් ඉහළතම සාප්පු සංකීර්ණය කොළඹ 5 හි දී නිල වශයෙන් විවෘත කළ බව එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ පවසයි.
  8. ඉකුත් මාසයට සාපේක්ෂව ඩෙංගු ආසාදිත පුද්ගලයන්ගේ වැඩිවීමක් වාර්තා වේ: 2023 ඔක්තෝබර් 18 වන විට මුලු වසරටම ඩෙංගු ආසාදිතයන් 66,368 ක් වාර්තා වී තිබේ: ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙනි.
  9. විපක්ෂය සමඟ එක් වූ ඇතැම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉල්ලා සිටිති: හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට හේතු වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇත.
  10. රජයට අයත් ව්‍යාපාර සහ ආයතන 200කට ආසන්න සංඛ්‍යාවක් ඉකුත් වසර දෙක තුළ පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි: එම ආයතනවල වාර්ෂික වාර්තා 2023 ඔක්තෝබර් 30 වැනි දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan