‘දෙවියන් වහන්සේගේ හස්තය මා මෙහෙයවන අතර මා කිතුනුවන්ගේ අරක්ෂිතයකු වෙමි’ ඩොනල්ඩ් ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21)දිනයේදී උතුරු කැරොලිනාවේ “11 වැනි-පැය ඇදහිලි නායක රැස්වීමක්”ට සම්බන්ධ වෙමින් දෙවියන් වහන්සේගේ හස්තය තමා මෙහෙයවන බවත්, තමා කිතුනුවන්ගේ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටින බවත්, පවසමින් 2024 මැතිවරණයට කිතුනු භක්තිකයන්ගේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙහිදී අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබුණේ, කමලා හැරිස්ගේ පාලනයක් තුළ ආගමික නිදහස සීමා කරන බවත්, ජූලි 13 වන දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී තමා ඝාතන උත්සාහයේදී තමා බිම හෙළනු ලැබුවේ අත්‍යවශ්‍යයෙන්ම අද්භූත හස්තයක් ලෙස තමා විශ්වාස කරන බවත්, දෙවියන් වහන්සේ මාව බේරාගත්තේ අරමුණක් සඳහා බවත්, ඒ අපේ රට වෙන කවරදාටත් වඩා ශ්‍රේෂ්ඨ කිරීමට බවත් සඳහන් කර තිබිණි.

තමා බලයට පත්වී පළමු සතිය තුලදීම පල්ලි ඇතුළු ලාභ නොලබන ආයතන දේශපාලන අපේක්ෂකයින් අනුමත කිරීම තහනම් කරන ජොන්සන් සංශෝධනය ආපසු හැරවීමටත්, ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙනයාමටත් ජනාධිපති අපේක්ෂකවරයා මෙහිදී කිතුනුවන් වෙනුවෙන් පොරොන්දු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...