‘දෙවියන් වහන්සේගේ හස්තය මා මෙහෙයවන අතර මා කිතුනුවන්ගේ අරක්ෂිතයකු වෙමි’ ඩොනල්ඩ් ට්‍රම්ප්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(21)දිනයේදී උතුරු කැරොලිනාවේ “11 වැනි-පැය ඇදහිලි නායක රැස්වීමක්”ට සම්බන්ධ වෙමින් දෙවියන් වහන්සේගේ හස්තය තමා මෙහෙයවන බවත්, තමා කිතුනුවන්ගේ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටින බවත්, පවසමින් 2024 මැතිවරණයට කිතුනු භක්තිකයන්ගේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙහිදී අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබුණේ, කමලා හැරිස්ගේ පාලනයක් තුළ ආගමික නිදහස සීමා කරන බවත්, ජූලි 13 වන දින පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී තමා ඝාතන උත්සාහයේදී තමා බිම හෙළනු ලැබුවේ අත්‍යවශ්‍යයෙන්ම අද්භූත හස්තයක් ලෙස තමා විශ්වාස කරන බවත්, දෙවියන් වහන්සේ මාව බේරාගත්තේ අරමුණක් සඳහා බවත්, ඒ අපේ රට වෙන කවරදාටත් වඩා ශ්‍රේෂ්ඨ කිරීමට බවත් සඳහන් කර තිබිණි.

තමා බලයට පත්වී පළමු සතිය තුලදීම පල්ලි ඇතුළු ලාභ නොලබන ආයතන දේශපාලන අපේක්ෂකයින් අනුමත කිරීම තහනම් කරන ජොන්සන් සංශෝධනය ආපසු හැරවීමටත්, ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙනයාමටත් ජනාධිපති අපේක්ෂකවරයා මෙහිදී කිතුනුවන් වෙනුවෙන් පොරොන්දු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...